හෑන්ඩ් බෝල් ලේකම්ගෙන් ඔලිමිපික් ලේකම්ට බරපතල චොදනා

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක් වී තිබෙන ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ ලේකම් ධූරය දරන පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න,ක්‍රීඩා අමාත්‍යංශයේ වැය හීර්ෂය ගැන කළ පාර්ලිමේන්තු විවාදයේදී ජාතික ඔලිමිපික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් දැඩිව දෝෂාරෝපණයට ලක් කරන්නට යෙදිණ.විගනකාධිපතිවරයාගේ වාර්තාවන්ට අනුව ජාතික ඔලිමිපික් කමිටුවේ දූෂණ සම්බන්ධයෙන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය අතරතුර අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ද ආන්දෝලානාත්මක ප්‍රකාශ ගණනකාවක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ මොහොතවන විට ආසියානු ඔලිමිපික් නිලවරණය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නමට හානි වන අයුරෙන් ක්‍රියා කළේ ද යන සැකයට මුහුණ දී සිටින මැක්ස්වෙල් ද සිල්වා සම්බන්ධයෙන් එල්ලවන මෙම චෝදනා අතරට ඔලිමිපික් ශිෂ්‍යත්වයක් සම්බන්ධයෙන් ද ජාතික ඔලිමිපික් කමිටුව වැරදි පුද්ගලයෙක් තෝරා ගැනීමට හවුල් වූ බවට චෝදනාවක් ද එල්ල කර ඇත.ක්‍රීඩා අමාත්‍යංශයට යොමු වී ඇති එම චෝදනාවෙන් කියවෙන්නේ මීට පෙර ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටුවේ නිරන්තර ඇගයීමට මෙන්ම ටෝකියෝ ඔලිමිපික් උළෙලේ කණ්ඩායම් නායකත්වයට ද පත් චාමර නුවන් ධර්මවර්ධන වෙනුවට මෙවර රාජිත පුෂ්පකුමාර නම් ක්‍රීඩකයෙක් තෝරා ගැනීමයි.එහිදී වඩාත් දැඪිව එම චෝදනාවෙන් පැවසෙන්නේ ජූඩෝ සම්මේලනයේ හිටපු සභාපති දුමින්ද අසේල ද සිල්වා හරහා මේ තේරීම කළ බවය.චෝදනාව එල්ල කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට කරුණු දක්වා ලිපියක් ලියන්නේ පුහුණුකරුවෙක් වන අමල් රත්නායකය.

දුමින්ද අසේල පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලයේ දී මෙරටින් තරගාවලියට සහභාගි වන්නට ගොස් අතුරුදහන් වූ දොළොස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමට අයත් වූවෙකි.මන්ත්‍රී චින්තක මායාදුන්නගේ පාර්ලිමේන්තු විවාදයේදී මේ ගැනත් මතු කරනු ලැබීය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලේකම් පදවිය දරන ජාත්‍යන්තරය විසින් පිළිනොගන්නා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති පදවිය දරන්නේ උපාලි රාජපක්ෂ ය.ඔහු කලක් ජාතික ඔලිමිපික් කමිටුව සහ එහි නාලධාරීන් සමඟ සමීපව කටයුතු කළ අයෙක්ය.එසේම මන්ත්‍රීවරයා සඳහන් කරන නම් අතර තිබෙන ගාමිණි ජයසිංහ වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාව සිටියදී එහි සුබ සාධක සංගමයේ සභාපතිවරයාව සිටියේ ද උපාලි රාජපක්ෂය.
ඒ අනුව මිත්‍ර සංධානයක් බිදී යාමෙන් පසුව ඇති වන තත්ත්වයක්ද හෑන්ඩ්බෝල් සංගමයේ ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කතාවේ තිබිය හැකිය.එහෙත් තවමත් 1973 ඇති කළ ක්‍රිඩා පනත ප්‍රකාරව පමණක් ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී ජාත්‍යන්තර ඇකි විය හැකි ගැටළු සැළකිල්ලට ගැනීම මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමේදී වැදගත්ය.ක්‍රීඩා පණත සංශෝධනය කිරීමේ අවශ්‍යයතාවය වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයාගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර ඒ දක්වා ලංකාවේ ක්‍රීඩාවන් හී දේශීය ක්‍රීඩා සංගම් මෙන්ම දේශපාලන බලධාරීත්වය ද ජාත්‍යන්තරව පිළිගත හැකි කරුණු අනුව කටයුතු කිරීම වැදගත් වන අතර මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වූ විට කටයුතු කරන්නට ඇති වෙනත් නීතිමය තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයකින් සහ අවබෝධයකින් කටයුතු කිරීම පසෙකලා ක්‍රීඩා පණත සහ පාර්ලිමේන්තු වරප්‍රසාද මත සිටිමින් කරන චෝදනාවලින් පලයක් ලැබේයැයි සිතිම අපහසුය.

නමුත් දේශිය වශයෙන් මේනම මේ මොහොතේ විදේශිය වශයෙන් ද මැක්ස්වෙල් ද සිල්වාව චෝදනාවලට ලක්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන්නට ප්‍රමාණවත් පරිදි අවසරයක් තිබෙන අතර මැක්ස්වෙල් ද සිල්වා ද ඒ සම්බන්ධයෙන් තමන්ට පිළිතුරු දිය හැකි සීමාවේ සිට අදහස් දැක්විම වැදගත්ය.මේ ඔල්මිපික් ක්‍රීඩා උළෙලක් ඇති වර්ෂයක් බැවින් වඩාත් ජනතාවට විශ්වාසවන්ත පුරවැසියන් ලෙස ඉදිරි කටයුුතු කිරිම සඳහා ක්‍රීඩාව හා සම්බන්ධ සියලු පාර්ශවයන් සමාජයට යොමු වන ගැටළු නිරාකරණය කර ගැනීම අතිශයින් වැදගත්ය.

නිශ්චිත ඉලක්කයක් බේරුම් කර නොගත් චරිත කිහිපයක් විවේචනය කිරීමට පමණක් ඉලක්ක වූ විසිරුණු ස්වභාවයක් ගත් කතාවක් හැඟෙන,පාර්ලිමේන්තුවේදි චින්තක අමල් මායාදුන්න මන්ත්‍රීවරයා කළ කතාව මේ සමඟ දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...