හෝමාගම හෙල්ලූ “යකඩයා” අත්අඩංගුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (06) දින හෝමාගම බැංකුවක පැවති රන් භාණ්ඩ වෙන්දේසියක් අතරතුර දී ඉදිරිපත්වූ ලංසුවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බැංකු පරිශ්‍රය තුළදීම පුද්ගලයකුට මරණීය තර්ජනය කොට පහර දුන් බව පැවසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම “යකඩයා” නමැති 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තවත් කිහිපදෙනකු සමග හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ අසල පිහිටි බැංකුවක පැවති රන් භාණ්ඩ වෙන්දේසියක් සඳහා පැමිණ තිබූ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ සිට තවත් කණ්ඩායමක් රුපියල් කෝටි 25 පමණ මුදලක් රැගෙන ඒ සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී වෙන්දේසිය සිදුවන අතරතුරදී පළමුව ඉදිරිපත් වූ භාණ්ඩ තුන සදහා අටලුගම ප්‍රදේශයෙන් පැමිණි කණ්ඩායම වැඩි ලංසු ඉදිරිපත් කොට භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඊට උරණ වූ අනිත් පාර්ශවයේ පුද්ගලයකු පැමිණ අටලුගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයෙකුට පරුෂ වචනයෙන් බැණ මරණීය තර්ජනය කොට බැංකු පරිශ්‍රය තුළදී ම පහරදීමක් සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන් වේ.

මෙලෙස දෙපාර්ශවය අතර ආරවුලක් හට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතා දැනුවත් කිරීමත් සමග ක්ෂණිකව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට පහර දුන් බව පැවසෙන පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා පසුගිය දින තුනක් තුළ අවස්ථා කිහිපයක දී පහර කෑ පුද්ගලයාගේ පාර්ශ්වයට ඇමතුම් ගෙන රන් භාණ්ඩ වෙන්දේසියට නොපැමිණෙන ලෙසට තර්ජනය කොට ඇති බවත්, වෙන්දේසිය ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර ද වෙන්දේසියට නොපැමිණෙන ලෙස දන්වා තර්ජනය කොට ඇති බවත් මීට පෙර මහරගම ප්‍රදේශයේ බැංකුවක පැවැති වෙන්දේසියක් අතරතුර දී ද දෙපාර්ශ්වය අතර ආරවුලක් හටගෙන ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවත් පැවසේ.

ඒ අනුව පොලිසිය බැංකු කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා කොට මෙදිනට සැලසුම් කර තිබූ රන් භාණ්ඩ වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල , පො.සැ (56805) ගුනසේකර , පො.කො (92504) රොෂාන් ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...