ඇත්තටම ලුණු හිඟයිද ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):

පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති අතර, ඒ අනුව මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බවයි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ,ඒ අනුව මේ වනවිට රටතුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන අතර, මෙරට පවතින ලුණු සංචිත පිළිබඳව සහ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ , ලුණු ආනයනය කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...