සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) :ආන්දෝලනාත්මක. බිහිසුණු මිනිස් ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට
ඇත්තේ නොමැකෙන ඉතිහාසයකි.
එයිනුත් පුවත්පත් කලාවේදීන් ඝාතනය හා පත්තර ලෝකයේ අපරාධ පිලිබද
ඉතිහාසය ඉතා ප්රබලය,
නොමැකෙන සුලු ය,
මෙවැන්නක් ලියන්නටත් කියන්නටත්
සිතක් පහලවුයේ එවැනි අපරාධ පිලිබද වගකිවයුත්තන් හෝ අපරාධ කරුවන් නීතියේ රැහැනින් හෝ නොබැදී නිදැල්ලේ සමාජයේ සැරිසරන නිසාය.
ජනමාධය ඉතිහාසයේ මෙවැනි ආකාරයේ බිහිසුණු ආන්දෝලනාත්මක
ඝාතන තුනක් පිලිබද නිරන්තරයෙන්
රැව් පිලිරැව් දේ ඒ නොමැකෙන මතකය
කෙදිනකවත් අමතක නොවේ,
සුවිශේෂී මාධය මෙහෙවරක යෙදුනු
රිචඩ් ද සොයිසා ,ලසන්ත වික්‍රමතුංග හා සිවරාම් මේ සුවිශේෂී පත්තරකාරයෝය මා මොවුන් මෙනමින් හැඳින්වූයේ එවකට සමාජයේ බෙහෙවින් ප්‍රචලිතව පැවති සාමාන්‍ය
ව්‍යවහාරය මේ ආකාර නිසාය.
සැබවින්ම මොවුන් සැබෑ පත්තරකාරයින්ය. වචන දෙකක් නැත. මා මේ කියන්නට උත්තාහ ගන්නේ,
ඝාතනය නුවූවද ඒ හා සමානම වූ
පත්තර අපරාධයක් ගැනය.
යක්ෂයාගේ හෝරාවේ සිදුවු මේ අපරාධයද, වැරදුනු බිහිසුණු ඝාතනයකි
ජිවිතය අගිස්සේ එල්ලෙමින් තිබියදී,
මේ අපරාධය වැලැක්විනි.
අපරාධකරුවෝ තවමත් නිදැල්ලේය.ජනමාධ්‍ය ඉතිහාසයේ බිහිසුණු සහ සාහසික මිනිස් ඝාතන තුනක් පිළිබඳ වාර්තා වී තිබේ.
රිචඩ් ද සොයිසා ඝාතනය, ලසන්ත වික්‍රමතුංග සහ මාද්යවේදී සිවරාම් එමේ වධ බන්ධනයන්ට ගොදුරු වී මියගිය මාධ්‍යවේදීන්ය. ඒවා අදටත් නොවිසුදුණු අපරාද ගනයට අයත් වී තිබෙන අතර ඒවා තවමත් නීතියේ රැහැනට හසුනවී නොමැත. දඬුවමක්ද නැත. ස්වාභාව ධර්මයෙන් ලබාදුන් දඬුවමක් ඇතිනම් එපමණකී.
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස්ය. ඔහු මැරුණාද මරා දැමුවාද යන්නට නිශ්චිත තොරතුරක් අදවෙනතුරු නොමැත. මාධ්‍යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන දෙදෙනාම පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී මරණය පෙනි පෙනී තිබියදී දිවි ගලවාගත් දෙදෙනෙකි. පෝද්දල ජයන්ත මහ දවල් පැහැරගෙන ගොස් පහරදී අතපය කඩාදමා රැවුල් සහ හිසකෙස් කපා බලෙන් මුඛය තුලට ඔබා ගිලෙන්නට සලස්වමින් අමානුෂික ලෙස පහරදුන් ආකාරය දෙස බලන විට එහි ඇග හිරිවැටෙන කතා පුවතක් ගොඩනැගෙයි. කීත් නොයාර් පැහැර ගැනීමත්, ඔහුට කළ පහරදීමත් එලෙස බියජනක ජවනිකා මැවෙන යක්ෂයන්ගේ හෝරාවක් මිස අන් කවරක්දැයි සිතෙන තරමට එම පහරදීම් අමානුෂිකය. කීත් නොයාර් මහතා මේ වන විට ඕස්ට්‍රේලියානු රජයේ ඇරයුම පරිදි එහි ගොස් ජීවත් ව අතර, පෝද්දල ජයන්ත අමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ ආරක්ෂාව යටතේ එහි ජීවත් වෙති.
මේ ලිපියෙන් කියැවෙන්නේ කීත් නොයාර් පැහාරගත් ඒ රාත්‍රියේ ගැවසුණු යක්ෂයන්ගේ විමානය පිළිබඳවය. කීත් නොයාර් යනු වැඩි උසක් නැති මනා දැනුමක් ඇති හොඳ ගතිගුණවලින් හෙබි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවිතය ආරම්භ කලේ එවක තරුණ ක්‍රිස්තියානි සංගමයේ පුස්තකාලාධිපති හැටියටය.පසුව ඔහු විජය පුවත්පත් සමාගම ආරම්භ කළ Sunday Times පුවත්පතේ මාධ්‍යවේදියෙක් ලෙස සම්බන්ධ විය.
ඔහු භක්තිමත් කතෝලිකයෙක් වූ අතර, ඔහු තරුණ වයසේ පියතුමෙකු වීම සඳහා සෙමනේරියේ පුහුණු වීම් ලැබ පසුව ඉන් ඉවත්ව ගිහි ජීවිතයට පත් වූ අයෙක්. ඔහු සිහිනෙන්වත් වරදක් නොකරන තරම් අහිංසක පුද්ගලයෙක් විය. එවැනි පුද්ගලයෙකුගේ ලේ දකින්නට තරම් පිපාසිත කුරිරු මිනිසුන් මෙලොව ජීවත් වන බව හැඟී ගියේ කීත් නොයාර්ට කළ නොවිසදුනු අපරාධයක් ලෙසටය. වර්තමානයේ බලයට පත් රජයයේ වගකීම වන්නේ මේ අපරාධයන් හී සුලමුල සොයා වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමය. එමෙන්ම මේ හා බැඳුණු තවත් කථා පුවතකි.
මේ ප්රශ්නය නිසාම ජනමාධ්‍ය ක්ෂේතයේ තවත් ප්‍රබලයෙක් වූ කීත් නොයාර් සේවය කළ ද නේෂන් පුවත් පතේ ප්‍රධාන කතෘ ලලිත් අලහකෝන් මහතා ද මෙම තර්ජනයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් ලෙස සැලකිය හැකිය .
කීත් නොයාර්ගේ පැහැර ගැනීම මනාව සහ වහාම සැලසුම් කළ එකක් බව පැහැරගත් ස්වරූපයෙන් පැහැදිලි විය. 2008 මැයි 11 වන ඉරිදා වෙළඳපොලට නිකුත් වී තිබූ ද නේෂන් පුවත්තේ ප්‍රධාන සිරස්තලය මේ රටේ ආරක්ෂක ප්‍රධානීන්ගේ කෝපය පළිගැනීමකට පෙරලුණු පුවතක් විය. ඒ නිසාම යක්ෂයා කීත් නොයාර්ව සොයාගෙන ආවේය. 2008 මැයි 11 දින නිකුත් වූ ද නේෂන් පුවත්පතේ පළවූ ප්‍රධාන සිරස්තලය වූයේ AN ARMY IS NOT ITS COMMANDER’S PRIVATE FIEFDOM යවුවෙනි. එහි සිංහල අරුත යුධ හමුදාව එහි අණදෙන යුද හමුදා නිලදාරිගෙ පෞද්ගලික බුදලයක් නොවේ යන්නයි.
ප්‍රධාන සිරස්තලය පාදක වූයේ හමුදාවේ ඇතැම් නිලධාරීන්ට 30 වසරක සේවා කාලය අවසානයේ නොකැලැල් සේවයක් සහිත නිලයන්ට පිරිනැමෙන විශිෂ්ඨ සේවා විභූෂණ හෙවත් V.S.V පදක්කම නිර්දේශ වී නොතිබීමයි. මේ තීරණය නිසා ආතතියට පත් නිලදාරීන් කිසිවක් කරකියාගත නොහැකිව මුහුණට මුහුණ බලා සිටින අතර තුර එක් නිලධාරියෙක් තමන්ට සිදුව ඇති අසාධාරණය සේනාධිනායකයා හමුවී පැමිණිලි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස V.S.V පදක්කම අහිමි කර තිබූ සෑම නිලධාරියෙකකටම එය ලැබිණි. මේ පුවත තහවුරු කරගැනීමෙන් පසුව ප්‍රධාන පුවත ලෙස පත්තරයට ඇතුලත් කර ඊට ගැලපෙන සිරස්තලය ප්‍රධාන කතෘ ලලිත් අලහකොන් මහතාට ඉදිරිපත් කර අනුමැතිය ගෙන පුවත මුද්‍රණයට යැවීය.
මේ පුවත පළවීම නිසා ආරක්ෂක ප්‍රධානීන් කැළඹී මාධ්‍යවේදීන් පසුපස ලුහුබඳින්ට වූහ. පුවත ලියු කීත් නොයාර් පිළිබඳ තොරතුරු සොයාගත්තේ කෙසේදැයි යන්න සුප්‍රසිද්ධ රහසක් වුවත් එය ප්‍රකට තොරතුරක් බව ජනමාධ්‍ය ලෝකයේ හොඳින් දනියි. මේ සිද්ධියෙන් පසුව කීත් පසුපස ලුහුබඳින්නට සාහසිකයන් පිරිසක් අංක තහඩු රහිත වාහනයක නැගී නගරයේ සැරිසැරූහ. පැහැරගත් දිනය වූයේ මැයි 22ය. සතියේ දිනයක් වූ නිසාත් කල්වේලා ඇතිව කීත් නොයාර් තම කාර්යාලයේ වැඩ අවසන් කළේ එදින කතෘ මණ්ඩල අධ්යක්ෂ ක්‍රිෂාන්ත කුරේ ආරාධනය කළ රාත්‍රී භෝජන සංග්‍රහයට යෑමටය. 25 දිනට යෙදෙන ඉරිදා පුවත්පතේ පළ කළ යුතු පුවත් තෝරා සියල්ල පරිඝණක ගත කර රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ක්වීන්ස් හෝටලයට තම තමන්ට අයත් මොරටර් රථ වලින් පිරිස පැමිණියහ. මත්පැන් වලින් තොර වූ මේ රාත්‍රී භෝජනයට සහභාගී වූ පිරිස රාත්‍රී 10.30 – 11.00 ට පමණ විසිර ගිය අතර කීත් නොයාර් ඔහු ඔහුගෙ දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි නිවස දක්වා රිය පැදවූ අතර, ලලිත් අලහකොන් සහ ක්‍රිෂාන් කුරේ ඔවුන්ගේ නිවෙස් වලට පැමිණියහ.කීත් තම මෝටර් රථයෙන් ගාලු පාරෙන් රිය පදවන විට ඔහු පසු පසින් කිසියම් වාහනයක් ලුහුබදින ආකාරය නිරීක්ශණය කළේය.
දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි නිවසට පැමිණෙන විට ගේට්ටුව වසා තිබූ හෙයින් කීත් මෝටර් රථය නවතා දොර ඇර බැස ගොස් ගේට්ටුව විවෘත කරන විට පිටු පසින් පැමිණි වෑන් රථයක් නලාව ශබ්ද කරන්නට විය. තම මෝටර් රථය ඔවුනට බාධාවක් යැයි සිතූ කීත් වහා මෝටර් රථය ට පැමිණෙන විට වෑන් රථයෙන් බැස සිටි හැඩි දැඩි දෙතුන් දෙනෙක් කීත්ව අල්ලා අදින්නට වූහ. කීත් වෙර වීරිය යොදා මාරයින්ගේ ගැලවීමට උත්සහ කලත් එය මුලුමනින්ම ව්‍යර්ථ විය. කීත් ඔසවාගත් ඔවුන් වෑන් රථය තුලට දමා තුවක්කු මිටකින් පහර දුන්නේය. පසුව හයිඑස් මෝටර් රථවල සවිකර ඇති අසුන ඉතා පටු එකක් වූ හෙයින් කීත්ව එහි රිංගවා රථය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. කිසිවෙකුටත් නොපෙනෙන සේ රඳවා සිටි කීත්ව දෙකටන ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් මුළු රාත්‍රිය පුරාම පුවතට තොරතුරු ලබා ගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන්නට වූහ. ප්‍රහාරය අතිශය දරුණු එකක් වූ අතර කීත් නොයාර් වෑන් රථයට දාගත් සැණින්ම ඔවුන්ගේ කතාබහ වූයේ කීත්ගේ මළ සිරුර දමන ස්ථානය පිළිබඳවය. එය ඇසීම ප්‍රහාරයට වඩා දරුණු විය.ඕනෑම අපරාධයක නිහඬ සාක්ෂිකරුවෙක් සිටීම ස්වාභාව ධර්මයා විසින් මනුෂ්‍යයාට ලබා දී ඇති දායාදයකි.
රිචඩ්ද සොයිසා පැහැරගෙන ගොස් දසවද දී හෙළිකොප්ටරයකින් රැගෙන ගොස් ගැඔුරු මුහුදට තල්ලු කර දැම්මේ මිණි මැරුම රහසක් ලෙස තබා ගැනීමටත් වුවත් එහෙත් මළසිරුර මුහුදු රල විසින් වෙරළට රැගෙන ආවෙය මුහුද රිචඩ් ද සොයිසාට සාධාරණය ඉටු කළේය.මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය වූයේ රිචඩ්ද මොයිසා ගැඹුරු මුහුදට රැගෙන ගොස් දමා තිබූ බවය.ගැඹුරු මුහුද තුළ හටගන්නා පැළෑටි ඔහුගේ කුසතුල තිබී හමුවූ බවට නිර්දේශ වල සඳහන් විය.
එවැනි සිද්ධියක් කීත් නොයාර්ගේ සිදුවීම තුළත් වාර්තා විය. එයත් කිසිවෙකුට නොපෙනෙන සේ පැහැරගත් සියලු දෙනාම සුව නිද්දක යෙදී සිටි එම රාත්‍රියේ එක්තරා පුද්ගලයෙක් මේ සිද්ධිය මුළු මනින්ම දුටුවේය. ඔහු කීත් නොයාර්ගේ නිවස ඉදිරිපසින් පාරෙන් දකුණු පස පිහිටි නිවැසියාය. කීත් පැහැරගෙන ගොස් විනාඩි කිහිපයකට පසුව ඔහු නිල නිවසේ ගේට්ටුව විවෘත කර වෛද්‍ය පාර ඔබ්බට පැමිණ කීත් පදවාගෙන පැමිණි මෝටර් රථය පාර අයිනේ නවතා ඇති අයුරු දුටුවේය. එහි නැවතුම් සංඥාව (Parking lights) දැල්වෙන බල්බය දැල්වෙමින් තිබූ අතර රියදුරු අසුනේ දොර විවෘතව කිසිවෙකු එහ නොවීය. කීත්ගේ නිවසට ඇතුළුවන ගේට්ටුව විවෘත කර තිබී ඇති අතර, නිවසේ ඉස්තෝප්පුවේ විවෘතව බල්බයක් දැල්වෙමින් දුටු හෙතෙම හෙමින් සීරුවේ එ දෙසට ගියේ මේ ආරංචිය දෙන්නටය. ඒ වන තෙක් කීත් නොයාර් සමග ඇයි හොදයිකම් නොපැවැත්වුවත් මේ ආරංචිය ගැන කීමට නිවසට යන විට කීත්ගේ බිරිඳ රොෂනී පුටුවක වාඩිගෙන සිටියදීම නින්දක සිටියාය. කතා කර සිද්ධිය කී විට ඇය වහා දිවගොස් මෝටර් රථය පරික්ෂා කරන විට සිද්ධිය වැටහුනාය. ඇය වහාම සිය ඡංගම දුරකථනයෙන් සිද්ධිය ද නේෂන් පුවක්පතේ මාධ්‍යවේදියෙකු වූ ගාමිණි අභයවර්ධනට කීවාය. ගාමිණි කීත් පැහැරගෙන ගොස් ඇති බව ක්‍රිෂාන්ත කුරේටත් එහි ප්‍රධාන කතෘ ලලිත් අලහකෝන්ටත් කීවේය.
කීත්ව පැහැරගෙන යාමට කලින් තර්ජන තිබෙන බවට වරින්වර හැලහොල්මන් දක්නට තිබුණි. වරෙක අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම සඳහා නේෂන් පත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ ප්‍රධාන කතෘ ලලිත් අලහකෝන් සහ නියෝජ්‍ය කතෘ කීත් නොයාර් බොරැල්ල කනත්ත වෙත ගිය අවස්ථාවේ යතුරු පැදිවල නැගී මුහුණ වසාගත් තරුණයන් තිදෙනෙකු ඔවුන්ගේ යතුරුපැදි හරස් කර රංගනයක් කළ බව වාර්තා විය. තවත් දිනකදීද ඒ අතර කාර්යාලය අසල නාදුනන පුද්ගලයන් ගැවසෙන බවද දක්නට තිබුණි. යක්ෂයාගේ හෝරාව එනකන් මෙවැනි දර්ශනයෙන් කීත් හා ලලිත් පසුපස ලුහුබැන්දේය.
ඒ වන විට ලලිත් අලහකෝන් මහතා නිවසට පැමිණ නින්දට යෑමට සූදානම් වූවා පමණය. ඔහු වහාම ක්‍රිෂාන්ත කුරේට පණිවිඩේ දී ඔහු ගෙන්වාගෙන ක්‍රිෂාන්තගේ මෝටර් රථයෙන් දෙහිවල පාරේ කීත්ගේ නිවසට පැමිණියහ. කීත්ගේ මෝටර් රථය නිවසට හැරෙන තැනය. ගේට්ටුව විවෘතව තිබිණි. නිවස තුළට ගිය ඔවුන්ට සැකගත හැකි වුයේ කීත්ගේ පුංචි පුතාත් දියණියත් විලාප දෙන අන්දමය. කීත්ගේ බිරිද රෝෂිණි අඩමින් උන්නාය. කීත්ගේ නිවසට යන ගමන් ලලිත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කථා කලත් ඔහු සම්බන්ධ කර ගැනිමට නොහැකි විය.පසුව ඔහු ආරක්ශක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට කතා කළේය.
එහිදි ඔහු කියා සිටියේ තමන්ගේ නියෝජ්‍ය කතෘ වන කීත් නොයාර් මහතාව අද රාත්‍රී 11ට පමන වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවත්, මෙය යුධ හමුදාව විසින් කළ බවට සැක කරන බවත් කීය. එහිදී ගෝටාභය මහතා කියා සිටියේ අපේ යුධ හමුදාවට චෝදනා නොකරන ලෙසත්, යුධ හමුදාව එවන් විනය ගරුක නොවන දේ නොකරන හමුදාවක් බවකි. ඔහු තව දුරටත් (ආරක්ෂක ලේකම්වරයා) මෙය කාන්තාවක් නිසා හට ගත් එකක් විය හැකි බවත් කීය. එහිදී ලලිත් කියා සිටියේ එවන්නක් කිසිසේත්ම විය නොහකි බවත් කීත් නොයාර් එහෙම කෙනෙක් නොවන බවය. එවිට ඔහු ලලිත්ට ඉක්මනින්ම මාර්ග බාධක යොදා පරික්ෂා ආරම්භ කර මේ ගන සෙවීමට ඒ මොහොතේම අරබන බවද කීය.
කීත්ගේ නිවසට පැමිණීමෙන් පසු ක්‍රිෂාන්ත කුරේ මහතා එවකට රාජ්‍ය පරිපාලන ඇමති වූ කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් මේ සිද්දිය පැවසුහ. එහිදී ඔහු මේ බව තමා විසින් ගරු ජනාදිපති තුමාටද දන්වා සිටින බවද කීය.
ටික වේලාවකින් මහින්ද රාජපක්ශ මහතා ලලිත්ගෙ දුරකතනයට කතාකර සිද්දිය ගැන තොරතුරු විමසීය. එහිදී ඔහු එවකට රාජ්‍ය ත්‍රස්ත මර්දන ඒකකය භාර ජේස්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාව කීත්ගෙ නිවසට එවන බවත් පවසීය. ඊට සුලු වෙලාවකින් පසු අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවෙ සහකාර පොලිස් අදිකාරි සේනක කුමාරසිoහ මහතා අතුලු කීප දෙනෙක් පොලිස් ජීප් රතයකින් එහි පැමිනියේය. මේ වනවිට අලුයම අවසන් වෙමින් තිබින.මේ වන විටත් කීත් නොයාගෙ නිවස මාධ්‍යවේදීන්ගෙන් පිරීගොස් තිබුනු අතර ඩයලොග් ආයතනයේ උසස්ම නිලදාරි වරයකුට කතාකර ඔහුගෙ උපදෙස් මත හකි තරම් කීත් නොයාගෙ ජoගම දුරකතනයට කෙටි පනිවිඩ යවන ලෙස එහි සිටි හිතවත් මාධ්‍යවේදීන්ට දනුම් දුන්හ.
මේ අතර කීත්ව පහර ගත් යක්ශයින් තම ගොදුර රිසිසේ භුක්ති විදීමට පටන් ගත්හ. කීත්ගෙ අත්වලට මාන්චු දමා බිම පෙරලගෙන පොලුවලින් ,තුවක්කු බදවලින් ඉතා දරුනුලෙස පහර දුන්හ. ඒ අතරතුර එම පුද්ගලයන් වරින් වර කීත් නොයාගෙ ජoගම දුර කතනය ක්‍රියාත්මක කර එම වෙලේ ඔහුට අමතුම් දෙන්නේ කව්දය් යන්නද පරීක්ශාවෙන් සිටියහ. මෙහිදී ඩයලොග් ආයතනයේ අවදානයට ඔව්න්ගෙ දෙකටන දොම්පේ පිහිටි සිග්නල් කුලුනක ආසන්නයෙ සිට කීත් නොයාගෙ ජoගම දුර කතනයට සම්බන්ද වන බවත් සටහන් කර ගත්තේය. ඒ වෙලෙ එහි පැමිනි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එහි සිටි පිරිසට කියා සිටියේ කීත් නොයා මහතා තව පැය දෙක තුනකින් නිවසට පැමිනෙනු බවය්. ඒ වෙලේ එහි සිටි සහකාර පොලිස් අදිකාරි කුමාරසිoහ මහතා ඩයලොග් ආයතනය විසින් කීත් නොයාගෙ දුර කතනයට පිවිසෙන සිග්නල් ඔස්සේ ඔහු සිටිය යුත්තේ දොම්පෙ , දෙකටන ප්‍රදේශයෙ බැවින් තමන් පැමිනි පොලිස් රතයට ලලිත් හා ක්රිශාන්තවත් නන්වා ගෙන එහි ගියෝය.
එහිදී නවතා තුබූ සුදු වෑන් හා අවට පාලු ස්තාන පර්ර්ක්ශා කලත් කිසිදු හෝඩුවාවක් නොලබුනෙන් පොලිස් අදිකාරි කුමාරසින්හ ඇතුලු පිරිස නැවතත් පමිනියෝය. මේ අතර කීත්ට පහර දෙන්නන්ට ලැබුනු රහස් දුරකතන ඇමතුමකින් පසු ඔව්න් එම පහර දීම නවතා කීත්ව කබයෙන් පහලට ගෙන වතුර බාල්දියක් දුන් අතර ඉන් පසු අත පය සෝදා ගත් පසු යලිත් අදුම් අන්දවා , ඇස්බද ඔහු රදවා සිටි නිවසේ සාලයට රැගෙන ආවේය.ඉන්පසු අතින් අල්ලාගෙන තරප්පු පේලියෙන් බස්සවා වාහනයට රැගෙන ආවේය. මේ වෙලේ කීත්ගෙ ඇදුම් ලෙයින් තෙත්වී තිබුනි.
ඉන්පසුව වාහනයෙන් නැවතත් ඔහුගෙ නිවස වන දෙහිවල වද්‍ය පාරෙ හන්දියෙන් බිමට බස්සවා , විනාඩි දහයකින් පසු තම මුහුන ආවරනය කර මේ ගන කිසුවෙකුට මින් පසු මේ ගැන නොපවසන ලෙසටත් කාට හෝ පවසා තුබුනොත් මරා දමන බවටත් තර්ජනය කර පැමිනි රතයෙන් පලාගියෝය. ටික වේලාවකින් පසු කීත් නොයා මහත තම මුහුන වසා සිටි ආවරනයන් නිරාකරනය කලපසු තමන් තම නිවස අසලම සිටින බව වැටහුනි. කීත් තම නිවසට ගිය අතර ඒ බව නීතිඥවරයා ලලිත්ට දුරකතනයෙන් කීය. ලලිත් එහිදී කීත්ව වහාම රෝහල් ගත කරන ලෙස උපදෙස් දී ඔහුත් වහාම කොලබ මහා රෝහල බලාපිටත් වුනි. කෙසෙ වෙතත් කීත් නොයා නිවසට පමිනි පසු දෙහිවල පොලිසිය ඔහුව නිවසේ රදවා සිටින බව ලලිත්ට දනගන්න ලැබුනෙන් එහිදී ඔහු වහාම කීත්ව රෝහල් ගතකරන ලෙස කල දනුම් දීමට අනුව කීත්ව පොලිස් රියක නන්වාගෙන කොලබ මහාරෝහල වෙත රැගෙන ආවෝය.
මේ සිද්දියෙන් පසු ඊලග ඉරිදා (18 දා) ද නේශන් පුවත් පතේ කතු වැකිය වශයෙන් නම් කර තිබුනෙ ” ගෝත්‍රික ප්‍රහාරය” නමිනි. එය ප්‍රදාන පුවත් සිරස් තලය ලෙස මුල් පිටුවෙ පහරදීමට යුද හමුදාවම වගකිවයුතු බවට නිර්දය විවේචනයක් ඉදිරිපත් කලේය. එම කතුවැකියෙන් පසු ලලිත්ගෙ නිවසට මරනීය තර්ජන ඇතුලත් දුර කතන ඇමතුම් ගලා ආවේය. නිවසේ සිටියහොත් මරා දමන බවට වූ එම තර්ජන නිසා ඔහුගේ ආරක්ශාවට කොලබ හෝටලයක ලැගුම් ගැනීමටත්, ඉන්පසුව ඉන්දියාවට යාමටත් සිදුවිය. ඉන්දියාවට යාමෙන් පසු මහින්ද රාජපක්ශ ජනාදිපති වරයා ලලිත්ට නවත ලoකාවට පමිනෙන ලෙස දන්වා දුරකතන පනිවිඩයක් දුන්නේය. ඒ අනුව ලලිත් ලන්කාවට පමිනියේන් ඔහුව පකිස්තානයේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය මන්ඩල උපදේශක, තනතුර පත්කර දී එහි යවන ලදී. කෙසේ වෙතත් එහි ගොස් සතියකින් පසු නැවත ඔහුව කැදවා හේතුව වශයෙන් කියා සිටියේ එවකට විදේශ අමති වූ රෝහිත බෝගොල්ලාගම මහතා ඒ පිලිබදව විරුද්ධතාවය පලකල බවය. ඉන්පසුව රකියාව අහිමිව නිවසේ සිටියෙ පොලිස් ආරක්ශා ඇතිවය. පසුව රිවිර පුවත්පතෙහි උපදේශකයෙක් ලෙස වසරක කාලයක් සේවය කර ඉන් අස්වී රකියාවක් නොමතිව සිටියේය. පසුව ලන්කාදීප පුවත් පතෙ උපදේශකයෙක් වශයෙන් සිට යලි ඉන්පසු ඩේලි නිව්ස් පුවත්පතේ කතුවරයා ලෙස පත්ව සිටියේය ඉන්පසු කතෘ මන්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස සිට මැලේසියාවෙ නියොජ්‍ය කොමසාරිස් ලෙස මාස 2 ක් වනි සුලු කාලයක් සේවයකර මේ වනවිට විවේක සුවයෙන් පසුවේ. මේ අතර තුර මාධ්‍යවේදී නාමල් පෙරෙරාටද ප්‍රහාරයක් එල්ලවිය. ඔහු තමාගෙ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහුව පැහැරගැනීමට උත්සාහය කලත් එය අසාර්ථක විය. තවත් අවස්තාවකදී රිවිර පුවත් පත්‍රයේ මාද්‍යවේදි උපාලි තෙන්නකෝන් මහතා තම බිරිද සමග නුවර පාරේ බැලුම්මහර ප්‍රදේශයෙ ගමන් කරමින් සිටියදී ප්‍රහාරයක් එල්ල කලේය. ඒ අවස්තාවෙ ඔහුගෙ බිරිද එහි සිටි බැවින් ඇය ඔහුව ආරක්ශා කරගන ලදී.ඔහු ඉන් පසුව ජීවිත ආරක්ශාව පතා ඇමෙරිකාවේ පදින්චියට යනලදී. මේ ප්රහාරයන් පසුපස සැගවී තුබුනේ කීත් නොයා පැහැරගත් දිනයේ ඔහුගේ ජoගම දුර කතනයට ඔව්න් දෙදෙනා දෙන ලද කෙට් පනිවිඩයම පමනක් බවය් අපෙ දැනගැනීමට අනුව වැටහෙන්නෙ.
පසුගිය රජයේ ජනමාද්‍ය ඇමති බන්දුල ගුනවර්දන දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. එය අඩාදොඩා වැලපිය යුතු ප්රවත්තියක් නොවේ.මන්දයත් ඔහුත් සමග එවකට වැඩ කිරිමට නොහැකි ප්‍රවීන මාද්‍යවේදින් සේවය හැර ගියේ ඔහු සමග වැඩකිරිමට නොහැකි බව පවසමිනි. සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ ප්රඩාන කතෘව සිටි ප්‍රමෝද් සිල්වා එලෙස අයින්ව ගිය මාධ්‍යවේදියෙකි. බැරිම් තැන ඉල්ලා අස්වීම දී ගෙදරගියා. එක සතියකට නිව්ස් 5ක් එනවා අනිවාර්යෙන් පලකල යුතුය් යනුවෙන්, එවිට වෙන වැඩක් බෑ ඊට වඩා හොදය් ගෙදර යන එක කියා ඔහු කීවේය.