යල්පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා

Date:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා පවත්වන ලද “2022 ආර්ථික සමුළුව ” අමතමිනි.

රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසිය.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුගතකරණයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවත් පැවසීය.

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ලබන වසරේදී චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ණය මුදල ලබන වසරේදී ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බව ද පැවසීය.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. ‍

කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ (NITI Aayog) ප්‍රධාන විධායක නිලධාරි පරමේෂ්වරන් අයියර් මහතා විසින් සිදු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...