වත්මන් ආණ්ඩුවට සැර වදනක් – ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

Date:

වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ජනතාව සඳහා සහන ලබාදීම සඳහා රජය කඩිනම් වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය.

මිහින්තලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි එම අදහස් පළ කළේය.

“රට කරවන ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා. මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...