ලංවිම ජනතාව නොමඟ යවනවාද? ඔක්තෝම්බර් ලාභය මිලියන 2840යි (VIDEO)

Date:

පසුගිය අගෝස්තු මස විදුලි බිල 75%කින් ඉහළ දැමීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ගෙවුණු ඔක්තෝම්බර් මස රු. මිලියන 2840ක ලාභයක් උපයා ඇති අතර එවන් පසුබිමක තවදුරටත් විදුලි බිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ගැන කතා කරමින් පසුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ ආදායම ලෙස රු. මිලියන 35826ක් උපයා ඇති බවත් වියදම ලෙස සටහන්ව ඇත්තේ රු. මිලියන
32986 ක් බවත් මන්ත්‍රීවරයා කියාසිටියි.

විදුලි බිල ඉහළ දැමීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය දැන් ලාභ උපයමින් සිටින හෙයින් යළිත් සැණින් විදුලි බිල ඉහළ දැමීමක් ගැන කතා නොකර ඉදිරි මාස හයකවත් කාලයක් ආදයම පරීක්ෂා කළ යුතුව ඇති බවයි රණවක මහතා අවධාරණය කරන්නේ.

විදුලි බල මණ්ඩලයේ විශාල ණය ප්‍රමාණයක් පවතින නමුත් එය මහජනයා මත පැටවීම වැරදි බවද ඔහු සඳහන් කරයි.

තෙල්වල බදුවලින් ලාභ උපයමින් ඒ හරහා කොමිස් ගහන ගමන් රට පාඩු බව කීම වැරදි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...