*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ක්‍රිකට් out වීම සහ රගර් in නොවීම

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දේශපාලනික අත පෙවීමක් තිබෙන බවට අයිසීසි ය සිතන බවට ඇතැම් ප්‍රවෘත්තිවලින් කියැවෙමින් ලියැවෙමින් ඇත.නමුත් එහි සැබෑම තත්ත්වය එළියට එන්නේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් අමතන ලිපියෙන්ය.ඒ ලිපිය ඒ ආකාරයටම පහත ඇත.

මොහාන් ද සිල්වා මහතා
ලේකම්
ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලන මැදිහත්වීම ගැන ICCයේ අවධානය

උක්ත ශීර්ෂයෙන් යොමු අංක MOYS/DEV/SP/SLSC/65 දරණ 2022-11-30 දිනැති ලිපිය හා බැඳේ.

ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් එවන ලද පිළිතුරු ලිපිය ලද බව ස්තූතිපූර්වකව දන්වා සිටිමි.

(අ) එම ලිපියේ ඔබ විසින් දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ජාත්‍යත්තර ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇත.

1. දේශපාලන මුහුණුවරකින් යුක්තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් පදනම් විරහිතව සිදුකරනු ලැබූ විවිධ චෝදනා සහ ප්‍රකාශයන්

• මහජන නියෝජිතයින් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 1 වන කොටස 3 වන වගන්තිය “පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වලට නිරතවීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරතවීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේය”. ඔබ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට කරන ලද පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නීත්‍යානූකූල වරප්‍රසාද බරපතල ලෙසට උල්ලංඝණය කිරීමක් සිදුවී ඇති බව පෙනී යයි.

2. නිළවරණයක් තුළින් පත්වී කටයුතු කරන ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම් විරහිතව සිදු කරනු ලබන ද්වේෂ සහගත ප්‍රකාශ.

• ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් යටතේ 14.1(අ) වගන්තිය, “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය”. එවැනි අවස්ථාවකදී එම ප්‍රකාශයන්ට විරුද්ධව අගතියට පත්වූ පාර්ශවයට අධිකරණමය ක්‍රීයාමාර්ගයකට යොමු විය හැක. එනමුත්, ඔබ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට පැමිණිලි කිරීමෙන් ඔවුනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත වගන්තිය ඔබ විසින් අභියෝගයට ලක්කර ඇති බව පෙනී යයි.

3. ක්‍රීඩා පනත යටතේ ඇතිකර ඇති විවිධ තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට තරඟකොට පරාජය වූ සහ එම හේතුව මත බැඳියාවන් අතර ගැටුමක් ඇති අර්ජුන රණතුංග මහතා වැනි පුද්ගලයින් දේශපාලනික වශයෙන් පත්කිරීම.

• අර්ජුන රණතුංග මහතා ලංකාවේ කිසිඳු දේශපාලනික පක්ෂයක තනතුරක් හොබවන්නේ නැති බව අවධාරණය කරමි. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 31(11) වගන්තිය සහ 4(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එතුමාගේ අභිමතය පරිදි නීත්‍යානුකූලව ඕනෑම අයෙකු ක්‍රීඩා සභාවට පත් කිරීම ගරු ඇමතිතුමාගේ අයිතියකි. ගරු අමාත්‍යතුමාගේ නීත්‍යානුකූල අයිතියට එරෙහිව අභියෝග කිරීමට ඔබට කිසිඳු නීත්‍යානූකූල බලයක් නොමැත .

4. අනිකුත් සියලු ආකාරයේ මැදිහත්වීම්.

• මෙම කාරණය ඔබ විසින් පැහැදිළි කර දිය යුතුව ඇත.

ජනතාවට යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත්, අදාළ බලධාරීන්ට තොරතුරු දැනුම් දීමටත්, පැමිණිලි කිරීමටත් අයිතියක් ඇත. එවැනි පැමිණිලි හෝ තොරතුරු ලද විට විෂයට අදාළ කරුණක් නම් අප අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටින බවද, මෙයින් මතක් කර දීමට කැමැත්තෙමි. එමෙන්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ පවත්නා නීති යටතේ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ක්‍රියා කරනවා හැර වෙනත් කිසිඳු දේශපාලන මැදිහත්වීමක් අප විසින් සිදුකර ඇත්නම් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

(ආ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් යම්කිසි දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුකාරී තත්වයක් ඇතිවී ඇත්නම්, පළමුව කළයුතුව ඇත්තේ අදාළ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීමයි.

අමාත්‍යවරයාගෙන්ද ඔබට සහනයක් නොලැබිණි නම්, ගරු ජනාධිපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාවක් තිබිණි. එසේත් නොමැතිනම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට ඔබට අවස්ථාව තිබිණි. ශ්‍රී ලංකාව තුළ සිදුවුනු සිදුවීමකට මෙරට නීති රීති අනුව නීත්‍යානුකූලව ක්‍රියා කරනවා හැර, ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ඔබ සඳහන් කර ඇති පැමිණිල්ලේ කිසිඳු කරුණකට එරෙහිව ක්‍රියාකිරීමට එම ආයතනයට නෛතික බලයක් නොමැති බව සඳහන් කරමි.

ඉදිරියේදී, මෙවැනි මතභේදාත්මක ගැටලු සම්බන්ධව ප්‍රථමයෙන් ගරු අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු ක්‍රීඩා බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතිවන ගැටලු කාරී තත්වයන් කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් රටේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ක්‍රිකට් ක්‍රීඩාවෙත් ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරිමට පියවර ගන්නා මෙන් කාරුණිකව දන්වමි.



වෛද්‍ය අමල් හර්ෂද සිල්වා
ලේකම්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

පිටපත් – (1) ගරු ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය, රොෂාන් රණසිංහ මැතිතුමා –
(දැ.ගැ.ස)
(2) ජනාධිපති ලේකම් – ( ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා)
(3) සභානායක කාර්යාලය (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව) – සියලුම ගරු පාර්ලීමේන්තු
මන්ත්‍රිවරුන්ගේ කාරුණික දැන ගැනීම සඳහා


මේ ලිපියෙන් මතු කරන කාරණා කිහිපයක් තිබෙනවා.ඒ ක්‍රිකට් ආයතනය රටේ නීතිය සහ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම.මේ සමබන්ධයෙන් මෙරට පුරවැසියන් සියල්ල බැදී සිටින අතර ඒ පොදු නීතිමය රාමුව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් වෙත අවනත වෙනවා යැයි පවසමින් වෙනත් දේ කරන්නට ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට අයිතියක් නැත.ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත බලය ශ්‍රී ලංකාවට වගකියන පුරවැසියන්ට අදාළ වන අතර ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා හෝ රැකියා වැනි කාරණා නිසා රට තුළ එම ව්‍යවස්ථාපිත බලය ඉක්මවා වැඩ කිරීමට නොහැකිය.
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා එසේ කියන අතරේම ඊට අභියෝග කළ හැකි හෝ ඊට එරෙහි මතයක් දැරීමට ඇති ව්‍යවස්ථාපිත පරිසරය ද හුවා දක්වන්නට අමතක නොකරන්නේය.නීතිය මඟින් පැවරී ඇති වරප්‍රසාද කවරේද යන්න එය රට තුළ පළමුවරට විසඳා ගැනීමට ඇති ඉඩ ද පැහැදිළි කරන්නේය.රටේ ක්‍රීඩාවට ද නීතියක් ඇති අතර එහි නීතිමය කරුණු නිර්වචනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අවස්ථාවන් ඇත්තේය.
ක්‍රිකට් ලේකම්වරයා විසින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යන්නට දේශපාලන බලපෑම් ඇති බවට ජාත්‍යන්තරයට ලියන්නේම කුමන හෝ ජාත්‍යන්තර ආයතනයකට මේ රටේ සමස්තය පාලනය කළ හැකි බවට පෙන්වා දෙන දේශපාලන උදාහරණම ගෙන විය හැකිය.මුහුදේ තියෙන තෙල් නැව වෙනුවෙන් ගෑස් නැව වෙනුවෙන් පෝලිම් ගැහෙන,ඒවායේ මිල ඉහළ පහළ යන හැටියට කෑම බිම වල අවස්ථාවන් සහ ස්වභාවයන් පවා වෙනස් කරන්නට පෙළඹෙන්නට වන ජනතාවක් සිටින රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පුරවැසි වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා පාලනය කළ හැකි බව ක්‍රිකට් ලේකම්වරයා සිතනවා විය හැකිය.මන්ද ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ අවධාරනය කරන්නේ ශ්‍රී ලාංකේය නීතියට අවනත විය යුතු ශ්‍රී ලංකා පුරවැසියන් නියෝජනය කරන ආයතනයක් ශ්‍රී ලංකාවේ පාලනයට බලපෑම් කරන සේ ඉල්ලා සිටීමට නොයා අවධානය යොමු කළ යුතු කරුණුය. එම ලිපියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින නීති පද්ධතිය විශ්වාස නොකර කටයුතු කර තිබෙන බව ද ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ පොදු අර්ථය ගත් විට සිතිය හැකිය.
නමුත් ක්‍රීඩා අමාත්‍යංශය දැන් මේ ආකාරයට කටයුතු කරන ක්‍රීඩා පරිපාලන කෙරෙහි දක්වන අවධානය සහ ආකල්පය කුමක්ද?අප එය විශ්වාසයට ගත යුතුද?ක්‍රීඩා අමාත්‍යංශය නීතිමය පරිසරය ඇතුළේ අවසරය ලැබුණ ද,එයට තමන්ගේ දේශපාලන ව්‍යහුය ඇතුළේ තිබුණ විවේචන පවා යළි වර්ථමානයට ඈදා ගනිමින් පරිපාලන කටයුත්ත නිවැරදිව කරන්නේද?
මේ අදහස පැන නඟින්නේම අප වසර ගණනක් තිස්සේ කරුණු පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ රගර් පරිපාලය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරන කුසීත විලාශය නිසාය.හිටපු අමාත්‍යවරයා නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගයේ ඇතැම් කරුණු ක්‍රියාත්මක කරන්නට අවසර දෙමින් අධිකරණයෙන් ලැබුණ අවසරය මත වත්මන් රගර් පරිපාලනය ක්‍රියාත්මක වෙමින් ඇත.අධිකරණයෙන් ලැබුණ අවසරය මත පැවති නිලවරණයෙන් ලැබුණු වරමකින් ක්‍රියාත්මක වන්නේ ද අලුත් පරිපාලනයක්ය.නමුත් ඇති නඩු නිමිත්ත සහ ක්‍රීඩා සමාජවල කැමත්තෙන් බලයට එන්නට නොහැකි දේශපාලන හිතවත්තු තමන්ගේ දේශපාලන සබඳතා සහ ජාත්‍යන්තර සබඳතා පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යංශය මඟින් පනවා ඇති නඩුව තව දුරටත අවශ්‍යය නැති බව අධිකරණයට දන්වන්නේ නැත.එය පදනම් කරගෙන ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා පදනම් කරගෙන ආසියාවේ තහනම් සංගමයක් හැටියට ශ්‍රී ලංකා රගර් සිර කරගෙන සිටීම ගැන ක්‍රීඩා අමාත්‍යංශයට නොදැනෙන්නේ මේ ලිපියේම සඳහන් පරිදි අධිකරණය හමුවට ගොස් දිනා ගත් අයිතිය ද ක්‍රීඩා අමාත්‍යංශයට පාලනය කිරීමට හා වැට කඩුළු බැදීමට හැකි බවට අධිපති හැකියාවේ පීඩනය ක්‍රීඩාව මත මුදා හරිමින්ය.
ක්‍රීඩාවක් හැටියට දේශාපාලන ආශිර්වාදය නොමැතිව සහ වසංගත තත්ත්වය හමුවේ නොපැකිළිව ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ හුස්ම රැක ගැනීම ගැන එහි පරිපාලනයට පමණක් නොව සියලු ක්‍රීඩා සමාජ වෙත ද ගෞරවය හිමි විය යුතුය.විශේෂයෙන් ඉක්මවා යා නොහැකි බවට ජන මනස තුළ බලයක් පීඩනයක් ඇති කළ රාජපක්ෂ දේශපාලනය ජනතාව වසින් පාරට බැස නිමා කරන්නට පෙර එය සමඟ ගැටෙන්නට ක්‍රීඩාවක් හැටියට රගර් ක්‍රීඩාව මෙහෙයවන්ට ශ්‍රී ලංකාවේ සමස්ත රගර් සමාජය හිට ගනිද්දී ඊට හේත්තු වි වරදාන වරප්‍රසාද ැබීමට ක්‍රීඩා සමාජවල කැමැත්ත නැති පිරිසක් එවකට ක්‍රීඩා අමාත්‍යවරයාට හේත්තු වී සිටියහ.ඔවුන් අදත් ඇත.වත්මන් කීඩා අමාත්‍යවරයාගේ ස්වාධින විය යුතු ඇතැම් පරිපාලන ඒකක තුළ ඉඳගෙන වටේට තොරතුරු දෙමින් වත්මන් රගර් පරිපාලනය සමඟ අමාත්‍යංශයේ එකඟතාවයන් සහ දේශපාලන පරිපාලනයේ ආශිර්වාදයන් ළඟා වීම වළක්වන්නේ ද මේ පිරිසමය.
මේ අයට හිතවත් පිරිස් සිටන තැන් ද යොදාගෙන දැන් තවත් වටයකින් සහ හැඩයකින් රගර් අවුල් කළ හැකිදැයි උත්සාහ කරමින් සිටියි.යම් කිසි පංතිමය සමාජයක ඉහළ ස්ථරය රගර් සමඟ සිටිය ද ලංකාවේ සමස්ත දේශපාලනයේ ඇති පොරොන්දුවලට රැවටීමේ පොදු දුර්වලතාවය ඔවුන්ට ද යම් කිසි අකාරයකින් තිබිය හැකිය.ඒ නිසා අලුත්ම වෙට්ටුව දමන්නේ විනිසුරු භූමිකාව භාවිතයට ගෙන ය.ඒ හිඟ මුදල් පියවා ගැනීමට වත්මන් පරිපාලනය අත්හිටුවා ඔවුන්ට විරෝධය පා අතුරු කමිටුවක් පත් කර ගැනීමේ අවශ්‍යයතාවය ඇති පිරිසය.
නමුත් හිඟ මුදල් ඇත්තේ වත්මන් පරිපාලනය යටතේ ද?නමුත් එසේ කියා පැරණි මුදල් නොගෙවය යුතුය යන තර්කය අප මතු කරන්නේ නැත.විනිසුරු කඳුළුවලට හිමි ගෞරවය සහ වටිනාකම හිමි විය යුතුය.එය ලැබෙන්නටනම් විනිසුරු විරෝධය පැහැදිළි තැනක පිහිටා කටයුතු කළ යුතුය.කවදා සිට කවදා වන තුරු ගෙවීම් කර නැද්ද?ඒ වචනය හරියටම සමාජගත කිරීමට විරෝධතාවයට හැකියාව පැමිණි පසු,ඒ වටා වෘත්තීය නිසා එකතු වන පිරිස පළමුකොටම වටහා ගන්නේ මේ හදන්නේ දුන්න එකා පන්නා නොඳුන්න එකා ගේන්න හැදීමක් බවය.එතැන සිට අමාත්‍යංශයට ද මැදිහත්ව මේ ප්‍රශ්නය විසදීමට ඉඩක් සැකසෙන අතර පැහැර හැරිය හිටපු ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමක් කරමින්ම වත්මන් පරිපාලනයට එය ගෙවෙන හැඩයක් යෝජනා කර ක්‍රීඩාව අර්බූදයක් නොවන තැනකට සේන්දු කරන්නට හැකිය.
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රිකට් ආයතනයට ලියන ලියුමේ මොහාන් සිල්වා ට පෙන්වා දෙන කරුණු අනුව කටයුතු නොකර කෙළින්ම අයිසිසී වෙත ගෙදර කුණු ගෙන ගොස් තැබීම පිළිගැනීමට නොහැකිය.එය එතනින් මෙපිට තබා ගැනීමට හැකි තැන් පරික්ෂා කරන ලද බවක් නොපෙනෙන්නේ අර්ජුන රණතුංග සම්බන්ධයෙන් හරි හැදෑරීමකින් තොරව කරන ලද ප්‍රකාශයෙන්ය.අර්ජුනට යම් විරෝධයක් ඇති වන්නට ඔහු පරිපාලනයට වද්දා නොගැනීමට ක්‍රිකට් සමාජය කටයුතු කිරීම ගැන හැඟීම බල පා තිබෙන්නේනම්,ඊට වඩා තාර්කික විරෝධයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුනය ප්‍රතික්ෂේප කරන බවක්ද සිතිය නොහැකිය.මෙ වන විට ඔහු හිටපු දේශපාලකයෙක් පමණ යන්න හෝ හරියට අවබෝධ කර නොගැනීමෙන් පෙනෙන්නේ එයය.
නමුත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා කියන ආකාරයට ක්‍රිකට් ඒ ආකාරයෙන් නොකර අධිකරණය හරහා යම් ජයග්‍රහණයක් ලබා පැමිණියේනම් ක්‍රීඩා අමාත්‍යංශය ඊට එකග වෙයිද?රගර් සම්බන්ධ පැනය හරහා එවැනි කුකුසක් මතු වීමද වැරදි නැත.අධිකරණයෙන් දුන් අවසරය මත වැඩ කරමින් සිටින රගර් වෙත එම නඩු නිමිත්ත හකුළාගෙන වඩා පුළුල ඉඩක් සකස් කරන්නට ක්‍රීඩා අමාත්‍යංශය වැඩ නොකිරීම ඔවුන්ගේ ආඩම්බරය සහ අභිමානය සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමක් විනා ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යංශය ආදරේ තැනක් විය යුතුය යන ප්‍රායෝගික තැනින් විතැන් වීමක් යන්න අපේ හැඟිමය.
ක්‍රිකට්වල ක්‍රියා කළාපය පිටතින් තබන්නට රටේ නීතිය,ස්වාධිපත්‍යය අනුව ක්‍රියා කිරීම නිවැරදිය.ඒ ගැන අවුලක් නැත.නමුත් ඒ ආකාරයට තමන්ගේ අසාධාරණයට එරෙහිව අධිකරණයෙන් ඉඩ සකසා ගත් ශ්‍රී ලංකා රගර්වලට ඉදිරියට ගමන් කිරීමට නොහැකි සේ පය දෑතෙන් බදා සිටීම ද සිතා ගන්නට අපහසුය.ක්‍රීඩා අමාත්‍යංශය තමන්ට රිසි පිරිස් සඳහා පමණක් වැඩ කරන්නට ඉඩදෙන තැනක්ද,නොරිසි පෞද්ගලික හේතූන් ඇත්නම් ඉඩ දෙන අතරේම මඟ තමන්ට ඇති හැකියාවන් යොදා පෙරට යා නොහැකි වන අයුරෙන් බාධක අහුරන්නේද?මේ විශ්වාසය ක්‍රීඩා අමාත්‍යංශය ද ක්‍රීඩාශීලී සමාජයට තහවුරු කළ යුතුය.මුලින් පටන්ගෙන ක්‍රමයෙන් පෙරට එන සමස්ත ක්‍රීඩාවට සමාන තැනක් සහිත බිමක් කරන්නට හිටපු පාපැදි සූරයෙක් වන ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට හැකිදැයි අපිද විමසිලිමත් වෙමු.වරක් ක්‍රීඩකයෙක් ඇමතිවීම ගැන සතුටින් ප්‍රශස්ති ලියූ අපට ඒ ගැන ඇති කළකිරිම ම අමාත්‍යංශ ලේකම්වරයා ද නොතබන්නේ ද යන්න ගැන අපි විමසිල්ලෙන් සිටිමු.
ක්‍රීඩාව පෙරට යන්නේ ක්‍රීඩාවේ පරිපාලනය හෝ ඊට බලපෑම් කරන්නන් හෝ ගෝත්‍රික නොවන නව විද්‍යාත්මක ක්‍රමයන්ට අවනත වීමෙන් මෙන්ම ක්‍රීඩාවට ඇති සුදුසුකම මිස වෙන කිසිම දෙයක් ක්‍රීඩාවේදී අංක එක නොකර ගැනීම තුළ යන්න අපි විශ්වාස කරමු.ඒ විශ්වාසය ඇතිව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රීඩක ජීවිතය පන ගසා ගැට ගසා ක්‍රීඩාව අවදි කිරීමට මැදිහත් වෙන ලෙස ඇරයුම් කරමු.
“ඉස්සෙල්ලම රගර්වල හොඳ ට්‍රයි එකක් තියමු.ඊට පස්සෙ ක්‍රිකට්වල හොඳ ඉණිමක් ගහයි කියන එක විශ්වාස කළ හැකියි.”අපි ලේකම්වරයාට කියමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan