මංගලගේ වැඩක් තමන්ගේ පොතේ දාගන්න ගිය අලි සබ්‍රිට හර්ෂගෙන් සැරටම බැණුම් ! (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ඇති විය.

ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිහිටවූ ඔන්ලයින් පද්ධතිය සම්බන්ධයෙන් මොහොමඩ් අලි සබ්‍රි මහතා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ය.

එම ඔන්ලයින් පද්ධතිය පිහිටවූයේ යහපාලන ආණ්ඩු සමයේදී 2017 වසරේදී බවත් ඊට අදාළ ගෞරවය හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට හිමිවිය යුතු බවත් අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් හර්ෂ ද සිල්වා මහතා එහිදී සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අලි සබ්‍රි මහතා පැවසුවේ අදාළ පද්ධතිය 2017 වසරේදී පිහිටවූ නමුත් එයින් පෝලිම් අඩුවීමක් සිදුනොවුණු බවත් පෝලිම් අඩුකිරීම සිදුකළේ තමන් අමාත්‍ය ධුරයට පත්වූ පසුව බවත් ය.

එහිදී උණුසුම් වචන හුවමාරුවක් හටගත් අතර හර්ෂ ද සිල්වා මහතා තරයේ ප්‍රකාශ කළේ පෝලිම් ඇතිවූයේ අලි සබ්‍රි ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව රටේ ආර්ථිකය කඩා වැට්ටවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් විදෙස්ගත වීමට යොමුවීම නිසා බවයි. රටේම ජනතාවට සේවය කිරීම ගැන කතා කළත් අලි සබ්‍රි මහතා තමන්ගේම ප්‍රජාව වෙනුවෙන්වත් කළ මොනම දෙයක්වත් ඇත්දැයි හර්ෂ ද සිල්වා මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...