රුසියාවේ ආරක්ෂක සහය ලබා ගැනීම වෙනුවෙන් විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරත එම ඉහළ පෙළේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් සමඟ වූ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේ දී පවත්වා තිබේ. .

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්ව ඇති අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදීම සහ ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.

බලන පොලිස්පති දේශබන්දු තෙන්නේකෝන් මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...