*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජාතික සූරතාවලියේදී ශ්‍රේණි අංක මාරුවෙන ජයග්‍රාහී පෙරළි – රනිත්මා 19 න් පහළ සූරතාවයෙන් සූරතා දිනා ගැනීම අරඹයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ස්ථාන තුනක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක 71 වන ජාතික බැඩ්මිවිටන් සූරතාවලියේ මේ වන විට වයස් ඛාණ්ඩ කිහිපයක තරග නිමා වී ඇත.එහිදී බොහෝ වයස් ඛාණ්ඩයන්හී ජයග්‍රාහකයින් වී ඇත්තේ තරගාවලියට පෙරාතුව කරන ලද ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමි අය නොවීමෙන් පැහැදිළි වන්නේ එම ශ්‍රේණිගත කිරීම් හී යම් අඩුවක් සිඳු වි ඇද්ද යන්නය.ඇතැම් විට තරගාවලියේ තරගකාරීත්වය ඉහළ යාමෙන්ද මේ තත්ත්වයම ඇති විය හැකි අතර එය එසේනම් යහපත් තත්ත්වයකි.

මේ තරගාවලිය අතිශයින් වැදගත් වන්නේ කුඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටේ ජ්‍යෙෂ්ඨම සහ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා එකම තරගාවලියක තරග වදින්නට ලැබීමෙන් හිමිවන අත්දැකීම්ය.ඇතැම් විට ජ්‍යෙෂ්ඨයෙකුගේ තරග රටාව සමීපව දකින්නට සහ ඇසුරු කරන්නට ලැබෙන අවස්ථාව මෙන්ම ඔවුන්ගේ ගුරුහරුකම් ලැබීමට ලැබෙන අවස්ථාව අතිශයින් වැදගත්ය.එසේම අත්දැකීම් ඇති අයට මේ තරගාවලියේ කුඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග රටා ඇසුරෙන් හැඳෙන ගස් පිළිබ ද ඉඟි බිඟි ලබා ගැනීමට තිබෙන ඉඩද අතිශයින් වැදගත්ය.

දෙසැම්බර් 4 ඇරඹී 10 වන දා දක්වා පැවත්වෙන මේ තරගාවලියේ මේ දක්වා පැවති තරග අතරෙන් අපේ අවධානය යොමු වූ තරග අංශයන්හී කේවල සූරතා කිහිපයක්ම මේ වන විට තීරණය වී අවසන්ය.ඒ අතරින් වඩාත් අවධානය යොමු විය යුතු තරග අංශයක් ලෙස අවුරුදු 19 න් පහළ තරග අංශය හැදිනිව්ය හැකි අතර මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා සිටියත් ශ්‍රී ලංකාවේ අංක දෙකට ජාතික මට්ටමෙන් ශ්‍රේණිගත වි සිටින රනිත්මා ලියනගේ අවුරුදු 19 න් පහළ කාන්තා කේවල සූරිය වීම කැපී පෙණින.ඇය එම තරග අංශයේ ජයග්‍රහණය වැඩි අපහසුවකින් තොරව අත් කර ගැනීමට සමත් වූ අතර ඇය විසින් අවසාන තරගයේදී ප්‍රවීනා තේජානි විජේසුන්දර ලකුණු 21 – 13 සහ 21 – 6 ක් ලෙස පරාජයට පත් කළාය.

එමෙන්ම ජාතික සූරතාවයට තරග වදින ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන වන නදීශා ගයන්ති ද අවුරුදු 30 ට ඉහළ තරගවලදී කැපී පෙණුනාය.ඇය නදුනි අනුද්යා පීරිස් පරාජය කරමින් එම වයස් කාණ්ඩයේ සූරිය වූ අතර ලකුණු තත්ත්වය දැක් වුණේ 21 -10 සහ 21 – 6 ක් ලෙසය.නදීහා මේ වන විට ජාතික සූරිය තේරීමේ තරග අංශයේදී ද සිය අපරාජිතත්වය රැක ගනිමින් පෙරට එමින් සිටින්නිය.

අවුරුදු 35 න් ඉහළ පිරිමි සූරතාවය රොහාන් පද්මකුමාර දිනා ගත් අතර 30 න් ඉහළ පිරිමි සූරතාවය අත් වූයේ ප්‍රසන්න උදය කුමාරටය.ශ්‍රේණිගත කිරීම් සසදද්දි අවුරුදු 13 න් පහළ බාලක පළමු තැන සිටින තමිඳු රන්දුල ප්‍රනාන්දු පමණක් එම ස්තානය රැකගත් අතර ඔහුටත් අවසාන තරගයේදී අභියෝගයට පැමිණියේ අංක 7 ට ශ්‍රේණිගතව සිටි තුෂාර යෂ්මිත් ගනේවල ය.ලකුණු තත්ත්වය 15 – 7 සහ 15 – 5 ක් විය.

අවුරුදු 13 න් පහළ බාලිකා අවසාන තරගය ජයගත්තේ අංක 2 ට ශ්‍රේණිගතව සිටින සසඳි ගුරුගේය.ඇයට අවසාන තරගයේදී අංක 7 ට ශ්‍රේණිගතව සිටින යෙනුලි බිනාගා ලියනගේ හමු විය.ලකුණු සටහන 15 – 5 සහ 15 – 5 ක් විය. අවුරුදු 15 න් පහළ අවසාන තරගයට පිවිසියේ අංක 3 ට ශ්‍රේණිගතව සිටින යෙනුත් සෙත්මිත පෙරේරා සහ කෙ 4 ට සිටින කෙනත් අරුග්ගොඩය.එයින් සෙත්මිත ලකුණු 21 – 8 ක් සහ 21 – 7 ක් ලෙස ජය ගැනිමට සමත් විය.අවුරුදු 17 න් පහළ බාලක තරගය ජයගත්තේ අංක 4 ට ශ්‍රේණිගතව සිටි රෙෂාන් හරිත් දිඹුක්කුවෙලගේය.ඔහු අවසාන තරගයේදී ලකුණු 21 – 11,11-21 සහ 21-11 ලෙස වට 2- 1 ක ජයග්‍රහණයක් ලබා ගත්තේ අංක 2 ට ශ්‍රේණිගතව සිටි හිරුක සහස්මිත් පරාජය කරමින්ය

අවුරුදු 17 න් පහළ බාලිකා අංශයේදී ද අවසාන තරගය පැවතියේ අංක 4 සහ අංක 2 ශ්‍රේණිගත කිරීම් සමඟය.එහිදි ද ප්‍රතිපලය අංක 4 ට සිටි දිලිනි තේනුකා අම්බලන්ගොඩගේ අංක 2 ට සිටි රනුමි සුහෂ්නි මානගේ පරාජය කරමින් ලකුණු 21 – 18 සහ 21 -19 ක් ලෙස ජය ගැනීමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan