ලොව වයස් ගතම විවාහක යුවළ වාර්තා අලුත් කරමින් ගිනස් පොතට!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ෆිලඩෙල්ෆියා හි පිහිටි වැඩිහිටි නිවසකදී හමු වූ 100 හැවිරිදි පුද්ගලයෙක් සහ 102 හැවිරිදි කාන්තාවක් ආදරයෙන් බැඳී විවාහ වී ලොව වයස්ගතම අලුත විවාහ වූ යුවළ ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක් වූයේ වයසට යෑම අදාලත්වයක් නැති ආදරයට අරුතක් එක් කරමිනි.

බර්නි ලිට්මන් සහ මාර්ජෝරි ෆිටර්මන් යන මෙම යුවල මැයි 19 වන දින ඔවුන් දෙදෙනා පදිංචිව සිටින වැඩිහිටි නිවසේ විවාහ වී ලොව වයස්ගතම යුවළගේ වාර්තාව බිඳ දැමූ බව ගිනස් ලෝක වාර්තා තහවුරු කර තිබේ.

ලිට්මන් සහ ෆිටර්මන් එහි පැවති ඇඳුම් විලාසිතා දැක්වීමේ සාදයකදී හමු වූ අතර පසුව ඔවුන් දෙදෙනාම පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට එකවර ගොස් ඇති බව ද ප්‍රකාශ කරයි.

උත්සවය මෙහෙය වූ රබ්බි ඇඩම් වොල්බර්ග් පැවසුවේ මෙම යුවළ “අවසානයේ සමීප මිතුරන් පමණක් නොව – ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස ගත යුතු නිවැරදි පියවරක්” ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...