*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

ආසියානු කුසලානය ලංකාවට පමණක් පැරදුණු බංගලාදේශයට

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.ඔවුන්ව මෙම තරගාවලියේ පරාජයට පත් කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාව වූ අතර ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයේදී ඉන්දියාව ඉදිරියේ පරාජයට පත් වුණා.
පංගලාදේශයට ඉන්දියාව ඉදිරියේ අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට අත් වූ ඉරණමම අත් වුණා.ලකුණු 200 ක් කරා යාමට නොහැකි වූ අතර සියල්ලන් ලකුණු 198 ට දැවී ගියා.එහෙත් එම ලකුණු ප්‍රමාණය රැක ගැනීමේ උවමනාවෙන් කිසිඳු මොහොතක ඉවත් නොවුණු බංගලාදේශ ක්‍රීඩකයින් තමන් පිළිබදව තබා ගත් දැඩි විශ්වාසයෙන් ඉන්දියාවට අභියෝගය එල්ල කළා.


ලකුණු 198 ට සිමා වුණ බංගලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ රිෂාන් හොසේන් ලකුණු 47 ක් ද,මොහොමඩ් ඹිහාබ් ජේම්ස් ලකුණු 40 ක් ද ලබා ගත් අතර ඉන්දියානු 19 න් පහළ පන්දු යවන්නන් අතරින් පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු 2 බැඟීන් දවා ගන්නට සමත් වුණා.යුදාජිත් ගුහා,චේතන් ෂර්මා සහ හාර්ඩික් රාජ් එසේ කඩුලු 2 බැඟින් ලබද්දි යුදාජිත් කැපී පෙණුනේ ඔහු සිය කඩුලු 2 සඳහා ලබා දුන්නේ ලකුණු 29 ක් පමණක් නිසයි.
පිළිතුරු ඉණිම වඩා පහසු එකක් වනු ඇතැයි සරලව භාරගත් බව ඉණ්දියානු පිතිකරණය දෙස බැලීමේදී දැකිය හැකියි.

එහෙත් බංගලාදේශ කණ්ඩායම සිටියේ සිය වගකීම්වල පතුලටම කිමිද ජයග්‍රහණය ලබා ගැනීමේ අදිටන සහිතවයි.පන්දු රැකිමේ දී උනන්දුව සහ ඉක්මන්කම නිසා යම් වැරදි කිහිපයක්ම සිඳු වුවද,පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් ඇති කළ ප්‍රබල පීඩනය සියලු දෙනා වෙතින්ම නොවෙනස්ව ප්‍රදර්ශනය වුණා.


ඒ සටන්කාමී කැපවීම නිසා ප්‍රබල ඉන්දියානු කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 139 ට සීමා කරන්නට බංගලාදේශයට හැකියාව ලැබුණා.ඉන්දීය කළු්ඩායමේ එක් පුද්ගල වැඩිම ලකුණු සහිත ඉණිම වූයේ නායක මොහොමඩ් අමේන් වාර්තා කළ ලකුණු 26 යි.කඩුලු අහිමි වීමෙන් පීඩනයට ලක් වුණු ඉන්දීය කණ්ඩායම ප්‍රතිපීඩනයක් ඇති කිරීමේ උවමනාවෙන් ප්‍රහාරාත්මක පහර දීමේ රටාවකට යොමු නොවුණු අතර අංක 9 පිතිකරු හාර්ඩික් රාජ් පන්දු 21 න් ලකුණු 24 ක් රැස් කළත්,ඒ වන විට තරගය සපුරා බංගලාදේශයට නතුව තිබුණා.


ඉන්දීය කණ්ඩායමට පීඩනය එල්ල කළ බංගලාදේශ පන්දු යවන්නන් අරින් කැපී පෙණුනම පන්දු යවන්නා වූ ඉක්බාල් හොසේන් එමෝන් ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගනිමින් අවසාන තරගයේ වීරයා බවට පත් වුණා.එමෙන්ම ඔහු තරගවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් කඩුලු 13 ක් දවා ගත්තා. එහිදී ඔහු එක් කඩුල්ලක් සඳහා ලකුණු 12.92 ක් තබා ගැනීමට අමතරව පන්දු ඕවරයකට ලබා දුන් ලකුණු ප්‍රමාණයේ සාමාන්‍යය 4.09 ක් ලෙස ද තබා ගනිමින් පෙන් වූ දක්ෂතාවය නිසා බංගලාදේශ කණ්ඩායමට ආසියානු කුසලානය දිනා දීමට වඩාත් වැදගත්ම මැදිහත් වීම කළ ක්‍රීඩකයා ලෙස සළකා තරගාවලියේ වීරයා ලෙස ද නම් කරනු ලැබුවා.
අවසන් තරගයේ ලකුණු පූවරුවට → https://es.pn/4f8HsqZ

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan