ලොහාන් රත්වත්තේ ඇප මත නිදහස්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 09) නියම කර තිබේ.

බීමතින් රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුව පසුගිය 06 වනදා කොල්ලුපිටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ අගතියට පත් පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි අතර රුපියල් ලක්ෂ 10ක මුදල් ගෙවීමට එකඟ බවත් සඳහන් කර ඇත.

ඒ අනුව ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...