ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

Date:

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන් සහ ප්‍රාදේශීය නායකයින්ගෙන් තම රාජකාරියට විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව ග්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති පවසයි.

තම රාජකාරිය ස්වාධිනව සිදුකිරිමට බාධා කරන්නේ නම් අකමැත්තෙන් වුවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ.

“මේ වනවිට මේ ග්‍රාම නිලධාරීන්ට මේ සහනාධාර ලබාදීමේ කටයුතුවලදීත් ඒ වගේම කඳවුරු පවත්වාගෙන යාමේ කටයුතුවලදීත් මේ රජයේ සමහර දේශපාලනඥයින්, ප්‍රාදේශීය නායකයින් පවා රාජකාරියට බාධා කරන අවස්ථාවන් රට පුරාම අපට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා සමහර කඳවුරු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යන්නට වගේම සහනාධාර ක්‍රියාත්මක කිරීමේදීත් ග්‍රාම නිලධාරීවරයාට ස්වාධීනව ඒ කටයුතු කරගෙන යන්නට දේශපාලන අධිකාරියෙන් බාධාවන් එල්ල වෙලා තියෙනවා. අපිට පැහැදිලිව කියන්න වෙලා තියෙනවා පසුගිය රජයන්ට වඩා මේ රජය සහනාධාර බෙදීමේ සහ සහනාධාර ක්‍රියාත්ම කිරීමේ ක්‍රියාවලිය ඉදිරියෙන් තිබුණත් පසුගිය රජයන්ට සාපේක්ෂව මේ රජයේ ඇතැම් දේශපාලඥයින් ග්‍රාම නිලධාරී කටයුතුවලට සහ රාජකාරියට බාධා කරන අවස්ථාවන් රට පුරාම අපේ සහෝදර සහෝදරියන් අපිට වාර්තා කරලා තියෙනවා. රටම ආපදාවට ලක්වූ අවස්ථාවක අපි වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකරන්න සූදානම් නැහැ. එහෙත් තවදුරටත් මේ සහනාධාර දීමේ ක්‍රියාවලියෙදී ග්‍රාම නිලධාරීවරයාට යම් කිසි බලපෑමක් එල්ල කරනවානම් අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා”

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස් ග්‍රාම සේවකයින්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” වැඩසටහන මෙම ආපදා සහන ක්‍රියාවලියට පටළවාගැනීමෙන් ගැටලු පැනනැඟී ඇති බවයි.

“ප්‍රජාශක්ති කියන වැඩසටහන මේ ආපදා සඳහා යොදාගන්න එපා. ගොඩක් දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජා ශක්තිවල නිලධාරීන්, දේශපාලන අධිකාරිය මේ ආපදා ආධාර දෙන එකට අත්සන් කරන්න කියලා කියලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිසාපතිවරයාම ලියුම ගහලා තියෙනවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රජා ශක්ති දේශපාලන අධිකාරියෙන් අත්සන් ගන්න කියලා තියෙනවා. එතකොට මේ රුපියල් 25000 දෙන එකේදී ඒ දේශපාලන අධිකාරියට කියලා නිර්දේශ ගන්න ගියෝතින් ග්‍රාම නිලධාරීවරයාගේ ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇතිවෙනවා. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මේ වගේ දේශපාලන කමිටුවලින් අපට බලපෑම් එල්ල කරන්න එපා කියලා”

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...