BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනයට අනුව නායයෑමේ අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම රතු නිවේදනයේ සඳහන් මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අදාළ ස්ථානවල සිටින ජනතාව දෙසැම්බර් මස 9 වනදින සිට 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

මෙහිදී දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණෙයන් මෙම ඉවත්කිරීමේ කටයුතු සිදුකරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.

අදාළ රතු නිවේදනයේ සඳහන් නායයෑමේ අවදාම සහිත ප්‍රදේශ පහතින් දැක්වේ.

මහනුවර දිස්ත්‍රික්කය –

හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය –

කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය –

මාවතගම, මල්ලවපිටිය, රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය –

නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...