75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW :

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75වැනි සංවත්සරය අද (09) දිනට යෙදී තිබේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

දෙවන ලෝක සංග්‍රාමයක පෙර නිමිති ලොව පුරා පහලවීමත් සමඟ, දිවයිනේ වරාය ආරක්ෂාව සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සඳහා දේශීය නාවික බලයක කාලීන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥාපනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක් ස්ථාපනය කර ඇත.

දෙවන ලෝක සංග්‍රාමය නිමාවත් සමඟ, නාවික උපසේවයක් බවට පරිවර්තනය වන රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විතව, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින්, 1950 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින, ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත කළ බව පැවසේ.

එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පරිවර්තනය වී තිබේ.

මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිබවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරවයෙන් අනුස්මරණය කිරීමද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...