Netflix-WB ගනුදෙනුව ප්‍රශ්නයක් විය හැකි බවට ට්‍රම්ප්ගෙන් මැසිවිලි!

Date:

සටහන – පුලී

දෙසැම්බර් 09, කොළඹ (LNW): වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි හි චිත්‍රපට චිත්‍රාගාරය සහ ජනප්‍රිය HBO ප්‍රවාහ ජාල මිලදී ගැනීමට Netflix විසින් සැලසුම් කර ඇති ඩොලර් බිලියන 72 (£54bn) ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඉකුත් ඉරිදා වොෂින්ටන් ඩීසී හි පැවති උත්සවයකදී ඔහු පැවසුවේ Netflix සතුව “විශාල වෙළඳපල කොටසක්” ඇති බවත් මේ සමාගම්වල ඒකාබද්ධ ප්‍රමාණය “ගැටලුවක් විය හැකි” බවත්ය.

හැරී පොටර් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි Warner Brothers හි ෆ්‍රැන්චයිස් Netflix වෙත ගෙන ඒමට එකඟතාවයකට පැමිණ ඇති බවත්, එමඟින් නව මාධ්‍ය දැවැන්තයෙකු නිර්මාණය වන බවත් සමාගම් දෙක වැඩිදුරටත් පැවසීය.

1997 දී තැපැල් DVD කුලියට දීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද නෙට්ෆ්ලික්ස් ලොව විශාලතම දායකත්ව ප්‍රවාහ සේවාව බවට වර්තමානයේ පත්ව තිබේ. 

චිත්‍රපට කර්මාන්තය තුළ දිගු කලක් තිස්සේ දැක ඇති විශාලතම ගනුදෙනුව වන මෙම ගනුදෙනුව එහි අංක එකේ ස්ථානය තහවුරු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...