ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානයක් කටුණායකට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් යානයක් අද (09) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අද (09) දින පස්වරු 01.20 ට මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.- 17 වර්ගයේ එකක් වූ අතර , එම ගුවන් යානය අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම යානය තුළ 08 දෙනෙකුගෙන් යුතු පවුලකට දින 14 ක් සඳහා සෑහෙන ආහාර අඩංගු , ආහාර ඇසුරුම් 1,080 ක් තිබූ අතර ඒවායේ මුළු බර මෙට්‍රික් ටොන් 27ක්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අලි මසූරි ( Rashed Ali Mazrouei ) මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...