ස්විෆ්ට්ගේ Eras සංචාරයෙහි අවසානය!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):යුගයේ ජනප්‍රියතම ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් ඉකුත් ඉරිදා වැන්කුවර් හි පැවති Eras සංචාරයෙහි සමාප්ති ප්‍රසංගය ඇගේ ජීවිතයේ විශාල අත්දැකීමක් බවට පත් කිරීම පිළිබඳව රසිකයින්ට ස්තුතිය පුද කළාය.

All Too Well ගීතය වාදනය කිරීමට පෙර ඇය කැනඩාවේ සිටි ඇයගේ ප්‍රේක්ෂකයන් අමතා පැවසුවේ, ඇය අවුරුදු 15 සිට සංචාරයන්ට සහභාගී වන බවත්, එහෙත් පසුගිය මාස 21 ක අත්දැකීම් ඇයට විශාල වටිනාකමක් ලබා දී ඇති බවත් අඟවමිනි.

Eras සංචාරය 2023 මාර්තු මාසයේදී ඇරිසෝනා හිදී ආරම්භ වූයේ ගීත 44 කින් සමන්විත ලැයිස්තුවකිනි.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා මහාද්වීප පහක් පුරා විහිඳී ගිය මෙම සංචාරයේ 149 ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර මිලියන 10.1 කට වඩා ප්‍රමාණයක් අලෙවි වීමද විශ්මය දනවන කරුණකි.

ඉකුත් දෙසැම්බරයේ එම සංචාරය ටිකට් අලෙවියෙන් ඩොලර් බිලියනයක් ඉක්මවූ ඉතිහාසයේ පළමු සංචාරය බවට පවා පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...