අර්චුනාට එරෙහිව තවත් පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලනාධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසීය පවසයි.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව පොලීසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බවද පවසයි.

මීට පෙර ද රාමනාදන් අර්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබුණු බව වාර්තා විය.

එම අවස්ථාවේද පොලීසිය කටයුතු කළේ, අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි.

මන්නාරම රෝහල තුළ ගර්භණී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයට අදාළ අවස්ථාවේ අර්චුනා මහතා මන්නාරම රෝහල වෙත ඇතුළු වී බාධා කළ බවට වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...