සියළුම පාසල් නිළ ඇඳුම් චීනෙන්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

අද (10) දින කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව භාර දී ඇත.

2025 වර්ෂයේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට ස්තූතිය පළකළ අතර, 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක් වේ.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවය ප්‍රදානයක් ලෙස මහජන චීනය පරිත්‍යාග කර ඇති අතර, නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ. තුන්වැනි නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වන දින මෙරටට ළගාවීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...