වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට , ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම දැන් බලාත්මක වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තහනම ක්‍රියාත්මක කරමින්, අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ තමන්ට අද ඕස්ට්‍රේලියාවේ අගමැති වීම පිළිබඳ ආඩම්බර දිනයක් උදා වූ බවයි.

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම කළ ලොව ප්‍රථම වරට වන්නේ ඕස්ට්‍රේලියාවයි. එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් මිලියන පහක් සිටින බව වාර්තා වේ.

ඉන් මිලියනයක් වයස අවුරුදු 10 ත් 15 ත් අතර ළමුන් බව වා‍ර්තා වේ.

මෙම තහනම හමුවේ, අද( 10) සිට ඔවුන්ට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූටියුබ්, ස්නැප්චැට්, එක්ස්, ත්‍රෙඩ්ස්, කික්, ස්විච් හා රෙඩිට් යන සමාජ මාධ්‍ය වේදිකාවන් තහනම් වනු ඇත.

මෙහි විශේෂත්වය වන්නේ තහනම කඩකරන දෙමාපියන්ට හෝ දරුවන්ට දඬුවම් නොකිරීමයි. නමුත් අදාළ සමාගම් නීති උල්ලංඝනය කළහොත් ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 32ක දඩයකට මුහුණ දීමට සිදු වන බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි පාසල් නිවාඩුවෙන් ”උපරිම ප්‍රයෝජන ගන්නා” ලෙසයි.

නව ක්‍රීඩාවක් ආරම්භ කිරීම, නව සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීම, නැතහොත් අත්හැර දැමූ රාක්කයේ තබා ඇති පොත් යළි කියවීම ආරම්භ කරන්නැයි අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී..

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ , මෙලෙස සමාජ මාධ්‍ය තහනම් කළේ දරුවන්ට සිය මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමඟ මුහුණට මුහුණලා කාලය ගත කිරීමට ඉඩ සැලසීමද අරමුණු කරගනිමින් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...