ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

Date:

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු විත්තිකරුවන් සිව් දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් අද (10) නිදොස් කොට නිදහස් කරන ලදී.

අදාළ නඩුවේ චෝදනාපත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවට අධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා එම නඩුවෙන් නිදොස් කොට ඇත්තේ කොන්දේසියක් මතය. ඒ,ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රු.1,843,267,595.65 මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මතය. එම කොන්දේසි සම්පූර්ණ නොකරන්නේ නම් යළි අධිචෝදනා ගොණුකරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසම පවසා තිබේ.

සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කර ඇත.

2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් උක්ත විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබුණි.

කෙසේවෙතත් එම බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී අල්ලස් කොමිසම විසින් දෙවන වරටත් මෙම නඩුව පැවරීය.

එය යුත්ති සහගත නොවන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි ලිඛිතව කරුණු දක්වා තිබේ.

ඒ අනුව අල්ලස් කොමිසම විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...