රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(09)දිනයේදී රුසියානු සහ චීන ගුවන් යානා දෙකක් දකුණු කොරියාවේ හා ජපානයේ ගුවන් ආරක්ෂක කලාපයට (KADIZ) ඇතුළුවීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ ජපානය වෙන වෙනම ප්‍රහාරක ජෙට් යානා පුහුණු ආරම්භ කර ඇති බව සෝල්හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලයට තහවුරු කර තිබේ.

සිය ගුවන් සීමාව වෙත අනවසරෙන් ප්‍රහාරක ජෙට් යානා ඇතුළු කිරීම දකුණු කොරියාව චීනයේ සහ රුසියාවේ නියෝජිතයින්ට රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවක් ඉදිරිපත් කර ඇති අතර මෙහිදී දකුණු කොරියාව ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානම් වීම සඳහා උපායශීලී පියවර ගැනීම සඳහා ප්‍රහාරක ජෙට් යානා යෙදවූ බව දකුණු කොරියාවේ නිල යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

මේහා සමානව රුසියානු න්‍යෂ්ටික හැකියාව ඇති Tu-95 බෝම්බ හෙලන යානා දෙකක් ජපාන මුහුදේ සිට ට්සුෂිමා සමුද්‍ර සන්ධියට පියාසර කිරීම හා දිගු දුර මිසයිල රැගෙන යා හැකි චීන ජෙට් යානා ජපාන ගුවන් සිමාවට ඇතුළුවීම හේතුවෙන් විභව ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව ගුවන් ආරක්ෂක පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජපානයද සිය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව ජපානයේ ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර තිබේ.