සමරිසි ප්‍රජාව සහ පොලීසිය අතර විශේෂ සාකච්ඡාවක්!

Date:

ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා තිබෙන ප්‍රජාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) දින පවත්වා ඇති බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා සහ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලාංකික සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි සංවිධාන කිහිපයක නියෝජිතයන් සහ ඔවුන්ගේ නීතීඥවරුන් කිහිප දෙනෙකු සමඟ එම ප්‍රජාව පොලීසිය සමඟ කටයුතු කිරීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව සහ ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට අදාළව මෙම සාකච්ඡාව පවත්වන ලදී.

මෙම කරුණුවලට අදාළව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ද පොලිස්පති වෙනුවෙන් සෘජුවම කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන පත්කිරීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම, මීට අවශ්‍ය සහාය ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති නීති දිසාව වෙත ද පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

සංස්කාරක (LGBTIQ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩෲ කුමරුගේ තරුපටි ගැලවේ; වින්ඩ්සර් නිවසින් පිටව යා යුතු බව බකිංහැම් මාලිගය කියයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇන්ඩෲ කුමරුගේ...

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...