උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස 06කට වැසෙයි!

Date:

කොළඹ LNW:උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් එලෙස එළඹෙන ජනවාරි මස 07 වන දින සිට මාස 06ක කාල සීමාවක් සඳහා එම මාර්ගය වස තැබෙනු ඇති.

ඒ අනුව, ජනවාරි මස 07 වන දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...