ක්‍රිකට් ගැන ජනාධිපතිගේ සැලසුම මෙන්න!

Date:

කොළඹ LNW:මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පවසන ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කරන ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කරයි.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දි ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද හෙතෙම අවධාරණය කරයි.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන ජනාධිපතිවරයා,”කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබපැතුම් පිරිනමනවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඉංග්‍රීසි ජාතින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් සමයේ සිටම කණ්ඩායම් එකතුවෙලා ක්‍රීඩා සමාජ පිහිටුවා ගනු ලැබුවා.

නැවියන් පැමිණෙන විටත් ඔවුන් ද තාවකාලික ක්‍රිකට් කණ්ඩායම් පිහිටුවා ගත්තා. මැලේ රෙජිමේන්තුවේ බැරැක්කවල නැවතී සිටි සොල්දාදුවන් ඔවුන්ගේම ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවාගත්තා, ඒ තමයි කෝල්ට්ස් කණ්ඩායම.

එක් වරක් කෝල්ට්ස් සහ රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල අතර පැවති ක්‍රිකට් තරඟයෙන් පසුව එකතු වෙලා සිංහල ක්‍රීඩා සමාජය යනුවෙන් තවත් සමාජයක් පිහිටුවා ගන්න තීරණය කළා. ඒ සමගම ටැමිල් යූනියන් එක පිහිටවනු ලැබුවා. ඒ අනුව ජාතිවාදි මුහුණුවරකික් ආරම්භ වුණු ක්‍රීඩා සමාජ රැසක් ඇතිවුණා. මේවා මැලේ, බර්ගර්, සිංහල, දෙමළ කියන වචනවලින් පමණක් නම් කර තිබුණත්, දේශපාලන පක්ෂ මෙන් නොවී සියලු ජනවර්ගවල මිනිසුන් ඒවා තුළ එකට එක්ව කටයුතු කළා.

අවාසනාවකට මෙන්, බොහෝ දේශපාලන පක්ෂවල එය දකින්න නැහැ. ඒ නිසයි අද අප මෙම ගැටළුවලට මුහුණ දී සිටින්නේ. කෙසේ නමුත් ඔබගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සටහන් විය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දෙස බලන විට ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් අද අපට තිබෙන නීති රීති කිසිවක් නොමැතිව සරලව පන්දුවෙන් පිත්තෙන් සෙල්ලම් කළ යුගයේ සිට මේ දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ඔබ සැම දැක තිබෙනවා. අප ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැක තිබෙනවා වගේම අප එම යුගය පසුකර ගොස් තිබෙනවා.

මේ අයුරින් බලන විට ක්‍රිකට් යනු වේගයෙන් වෙනස් වන ක්‍රීඩාවක්. නවීන තාක්ෂණය සමඟ රූපවාහිනිය සහ මාධ්‍යයන් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ක්‍රීඩාවද වෙනස් වෙමින් පවතිනවා.

මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වන විට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමඟ කටයුතු කරන්න ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා. ඒ නිසයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් ලබාදුන්නේ. 2024 වසරට පමණක් නොව මෙම අරමුණ ඉටුවන තුරු අප මෙම මුදල් ලබා දෙනවා. එය එක් වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවිමට බලාපොරොත්තු වෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා.අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා.

තනතීරු, උපකරණ මේ කුමක් සඳහා මුදල් වැය කළත් එය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ සඳහන් වෙනවා. ඉතින්, එයින් අදහස් වන්නේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාසල් ක්‍රිකට් දියුණු වන බවයි. ඉන් පසුව පළාත් මට්ටමින් ක්‍රිකට් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා.අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි. අපි මේ මුදල් යොදවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයිනගේ සංචිතය හදන්න. පිරිමි ළමයි විතරක් නෙවෙයි, ගැහැණු ළමයිනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ අන්දමින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාව යම් ප්‍රමිතියකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා.

බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට, කොළඹ පාසල් කිහිපයක හැරුණුවිට පාදුක්ක, කිරිඳිවැල, අගලවත්ත මේ වගේ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු අයුරකින් දියුණු වී නැහැ. ඒ නිසා සියලුම පාසල් සහ සියලුම සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ඇති බව අප සහතික කළ යුතුයි.
ක්‍රිකට් කියන්නේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. අපිට හැම ක්‍රීඩාවකින්ම දිනන්න බැහැ. නමුත් ඇතැම් ඒවා අපට දිනන්න පුළුවන්. ඉතින් අපි මේ සදහා මුදල් යොදවන්න ලෑස්තියි.ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා.රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි අපේ ආර්ථිකයෙන් පමණක් නොවෙයි, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව වැනි අනෙකුත් ක්ෂේත්‍රවලින්ද දස්කම් දක්වන රටක් බවට පත්වන බවට සහතික වෙමු.

ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු.” යනුවෙන් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...