*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

විවාදයට තුඩු දුන් වැට් බදු විවාදය අද!

කොළඹ LNW:2024 අයවැය අනුව විවාදයට තුඩු දී තිබෙන වැට් බදු සම්බන්ධයෙන් අදාළ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පාර්ලිමේන්තුවට විශේෂ දිනයක් ලෙස දැක්විය හැකිය.

24%කින් වැට් බදු ඉහළ යන බවට මේ වන විටත් ප්‍රචාරය වෙමින් තිබෙන අතර දිගින් දිගටම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙන්ම රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේද ප්‍රචාරය වී තිබෙන පරිදි වැට් බදු ඉහළ යමක් නොවන බවත් බදු දැල ශක්තිමත් කිරීම පමණක් රජයේ අරමුණ වන බවයි.

ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින 15%ක වැට් බද්ද 18%ක් දක්වා ඉහළ යනු ඇත.

ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ.

ඒ අනුව මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ සඳහා වැට් බදු පැනවීමට නියමිත අතර මෙරට වගාකරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ද වැට් බදු සඳහා යටත් කිරීමට යෝජනා වී ඇත.

වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් ද එම බදු පැනවීමට යටත් කිරීමට ද යෝජනා කර තිබේ.

කෙසේවෙතත් විදුලි ගාස්තු සඳහා වැට් බදු පැනවීම සිදු නොවන අතර ආනයනයේදී පැනවෙන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් යන භාණ්ඩවලින් ඉවත් කිරීමට යෝජිතයි.

දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදනයන් ද නව වැට් බදු පැනවීමට යටත් වන අතර තිරිඟු, තිරිඟු පිටි හෝ කිරිපිටි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නව වැට් බදු සංශෝධනයෙන් නිදහස් කිරීමට පියවර ගැනීමටද නියමිතයි.

කෙසේවෙතත් අයවැය යෝජනාව අනුව වැට් බද්ද මෙතෙක් අදාළ නොවුණු ක්ෂේත්‍ර වෙතද අදාළ කර තිබීම නිසා එය පෙරළා මහජනතාවට දැනෙනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan