භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් – ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තුවත් කල් තබයි

Date:

කොළඹ LNW:එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවයි.

මේ අතර ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් විවාදය අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රශ්න සහගත වූයේ පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොමැති වීමයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...