භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් – ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තුවත් කල් තබයි

කොළඹ LNW:එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවයි.

මේ අතර ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් බදු අය නොකෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් විවාදය අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රශ්න සහගත වූයේ පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොමැති වීමයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...