අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 71 පොලිස් භාරයේදී 67ක් වුණේ කොහොමද ? – CID පරීක්ෂණ අරඹයි !

මාතර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 71ක තොගයක් පොලිස් භාරයේ තිබියදී කිලෝ 67ක් දක්වා අඩුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) දැනුම් දී විමර්ශනයක් ආරම්භ කර තිබුණ ද එය බොහෝ මන්දගාමී ආකාරයෙන් සිදුවීම හේතුවෙන් මෙසේ අදාළ විමර්ශනය CID ය මගින් සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ CID නිලධාරීන්ට මේ වනවිට අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ලේඛන සම්බන්ධ සටහන් පසුව වෙනස් කර ඇති බවකි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 90ක් පමණ වන අතර මේ සිද්ධියේදී රුපියල් ලක්ෂ 360ක පමණ හෙරොයින් ප්‍රමාණයක් කිසිවකු විසින් ජාවාරම් කර ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...