බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

Date:

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසන්නේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත එම පියවර ගත් බවයි.

ඒ අනුව ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

”ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ. ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම කොට්ඨාසයේ පවුල් 40ක 127ක්, රිදීමාලියද්ද කොට්ඨාසයේ පවුල් 50ක 139දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ 35ක 158ක් නායයෑම් හේතුවෙන් ඉවත් කරන්න සිදුවුණා. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පවුල් 18කට අයත් 87දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් ලෙස පවුල් 238කට අයත් 806 දෙනෙක් නිවෙස්වලින් ඉවත් කරන්න සිදුවුණා.” යනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මරදාන පොලිස් වසමේදී...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...