රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :
ඊයේ (10) දින කොළඹදී, වමේ කේන්ද්‍රය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
අද වර්ථමාන විපක්ෂය ප්‍රධාන ආපදාව බවට පත්ව ඇති බවත්, විපක්ෂෙ දේශපාලනය සෝදා පාලුවට ලක්වී ඇති බවත්, එහිදී වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
විපක්ෂයට දේශපාලනය කරන්න මේ අපදා තත්වය යොදා ගන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් තිබෙන බවද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු,
චන්ද්‍රිකා මැතිනිය කෝටි 25 ක් ලබා දුන්නා. ඇය එය කලේ විශ්වාසනීයභාවය නිසයි.කොවිඩ් කාලයේ ඇය එය කලේ නෑ.මොකද රාජපක්ෂ වනචර පවුලට දීලා වැඩක් නෑ.ඊට හොදයි ඒක මෝය කටට දාන එක කියලා ඇය හිතුවා.මේක රජයකට ලැබෙන සහතිකයක් .හොරකම් කරන්නේ නෑ කියන සහතිකය මේ රජයට තිබෙනවා.
අද වර්ථමාන විපක්ෂය ප්‍රධාන ආපදාව බවට පත් වෙලා.මේ අයගේ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා.
විපක්ෂයට දේශපාලනය කරන්න මේ අපදා තත්වය යොදා ගන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.
කොත්මලේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිලිබදව ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැන ස්වාධීන විමර්ශනයක් කල යුතුයි.වාන් දොරටු අරින එක ජනාධිපතිතුමාගේ අගමැතිගේ වැඩක් නොවෙයි.
මේ ආපදාව මේ අයුරින් සිදු වෙනවා කියලා තිබුනේ නෑ.මේක අලුත් තත්වයක් .මේක දැනුම්දිය නොහැකි තත්වයක් .දැනුම් දුන්නත් මේතරම් ඉක්මනින් ජනතාව ඉවත් කරන්න බෑ.
අනුරාධ ජයරත්න දැන් ආපදාව ගැන කතා කරනවා, තමන්ගේ තාත්තාට තමයි හිතෙන හිතෙන විදියට අම්බුලුවාව විනාශ කිරීමේ චෝදනාව තියෙන්නේ.
කිසිම ක්‍රමවේදයක් නැතිව මේවා හදලා තියෙන්නේ.අනිත් චෝදනාව තියෙන්නේ මහින්දා නන්ද අලුත්ගමගේට.
අද දීමූ ලා කරපුවා මිනිස්සු කියනවා“
