ජනපතිගේ විශේෂ යෝජනාවට කැබිනට් අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :

හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති විය. 

එමඟින්, ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් විනාශ වීම මෙන්ම කෘෂිකාර්මික ඉඩම් ද විනාශයට පත්විය.

එම තත්ත්වය යටතේ රට යළි ගොඩ නැගීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු වන අතර, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ පියවර ගත යුතුව තිබේ. 

එමෙන්ම ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...