ජනාධිපති ට්‍රම්ප් ඩොලර් මිලියනයක් වටිනා නව විසා කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 1 ක් (පවුම් 750,000)ක කඩිනම් මුදලක් ගෙවා එක්සත් ජනපද වීසා ලබා ගැනීමේ යෝජනා ක්‍රමයක් එළඹෙන පෙබරවාරියේ සිට හඳුන්වා දී තිබේ.

ඒ අනුව, මෙය ‘gold card’ ක්‍රමය වශයෙන් හඳුන්වා දී ඇති අතර මෙමඟින් ධනවත් විදේශිකයන්ට කඩිනම් එක්සත් ජනපද වීසා ලබා ගත හැකිවනු ඇත.

ජනාධිපති ට්‍රම්ප් මේ සමබන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, තමා ඉහළ මට්ටමේ වෘත්තිකයන් ඉලක්ක කර ගෙන ඇති බවත්, රටට ඵලදායී පුද්ගලයින් අවශ්‍ය බවත්ය.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර මෙම ක්‍රමය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් පවසන්නේ ට්‍රම්ප් අසාධාරණ ලෙස ධනවත් පුද්ගලයින්ට අනුග්‍රහය දක්වන බවයි.

කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් මේවන විට අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල් 19 ක පුද්ගලයින්ගේ සංක්‍රමණ අයදුම්පත් අත්හිටුවා ඇති අතර සරණාගත අයදුම්පත් පිළිබඳ සියලු තීරණ ද රජය විසින් නවතා දමා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...