75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

Date:

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අද (11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කළේය. .

“මානව හිමිකම් සුරකිමින් නොසැලෙන ශ්‍රී ලංකාවක් උදෙසා දේශගුණික යුක්තිය සහතික කරමු: ආපදාවකදී ජීවත්වීමේ අයිතිය රැකගනිමු” යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණු අතර මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී සිටින්නන් එහිදී ඇගයීම සිදුකරන ලදී.

මානව හිමිකම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීම රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් සිදු කරනු ලබන අතර එසේ පවත්වනු ලැබූ මානව හිමිකම් පිළිබඳව උසස් අධ්‍යාපන වැඩසටහනේ අවසානයේ පැවැත්වූ විභාගය පදනම් කරගනිමින් එක් එක් දිස්ත්‍රික්කවල වැඩිම ලකුණු ලබාගත් එම මානව හිමිකම් ආරක්ෂකයින් ඇගයීම සිදුවිය.

ඒ අනුව ඉහළම සාමාර්ථ ලාභීන් වූයේ

  • ඇල්ෆ්‍රඩ් ජෙරුශාන් ඩලිමා
  • B. L දුලීකා රෝෂිනි
  • R. G. S. N විජේනායක
  • P. B. වසන්තා නීලමනී
  • P. D. T. L විජේසිංහ
  • ජයන්ත හේවගේ
  • G. R. S කුලතුංග බණ්ඩාර
    සියලුම ප්‍රථමාධාර මධ්‍යස්ථාන අතුරින් ඉහළම ප්‍රතිපළ හිමි කර ගෙන ඇත්තේ සුනිල් S. පැල්ලන්දෙනිය

එමෙන්ම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ඇගයීමද සිදුවිය.

2025 වසරේ හොඳම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට හිමි තුන් වන ස්ථානය හිමිකරගනු ලබන්නේ හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි. 2025 වසරේ හොඳම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට හිමි දෙවන ස්ථානය හිමිකරගනු ලබන්නේ අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වන අතර එහි ප්‍රථම ස්ථානය ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය දිනා ගෙන තිබේ.

මේ අතර කෑගල්ල මධ්‍යස්ථානය විශේෂ ඇගයීමකට ලක්විය.

මෙහිදී තවත් සුවිශේෂී ඇගයීමක් වූයේ වසර විසි පහක් පුරා තම සොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන් අමිතා ප්‍රියන්ති මහත්මිය උපහාර පිදීමය.

මෙම උත්සව සභාවේ විද්වත් මණ්ඩපය ලෙස කටයුතු කළේ පරිසර යුක්ති කේන්ද්‍රයේ සම නිර්මාතෘ සහ සභාපති ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න,MSI හිටපු වැඩසටහන් ප්‍රධානී නීතිඥ ගෞතමන් බාලචන්ද්‍රන්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති උපදේශක නීතිඥ දුලාන් දසනායක යන අයයි.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...

රජයේ බදු සහන පිළිබඳ නවතම විශ්ලේෂණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : 2025 වසරේ මුල්...