75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

Date:

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අද (11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කළේය. .

“මානව හිමිකම් සුරකිමින් නොසැලෙන ශ්‍රී ලංකාවක් උදෙසා දේශගුණික යුක්තිය සහතික කරමු: ආපදාවකදී ජීවත්වීමේ අයිතිය රැකගනිමු” යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණු අතර මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී සිටින්නන් එහිදී ඇගයීම සිදුකරන ලදී.

මානව හිමිකම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීම රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් සිදු කරනු ලබන අතර එසේ පවත්වනු ලැබූ මානව හිමිකම් පිළිබඳව උසස් අධ්‍යාපන වැඩසටහනේ අවසානයේ පැවැත්වූ විභාගය පදනම් කරගනිමින් එක් එක් දිස්ත්‍රික්කවල වැඩිම ලකුණු ලබාගත් එම මානව හිමිකම් ආරක්ෂකයින් ඇගයීම සිදුවිය.

ඒ අනුව ඉහළම සාමාර්ථ ලාභීන් වූයේ

  • ඇල්ෆ්‍රඩ් ජෙරුශාන් ඩලිමා
  • B. L දුලීකා රෝෂිනි
  • R. G. S. N විජේනායක
  • P. B. වසන්තා නීලමනී
  • P. D. T. L විජේසිංහ
  • ජයන්ත හේවගේ
  • G. R. S කුලතුංග බණ්ඩාර
    සියලුම ප්‍රථමාධාර මධ්‍යස්ථාන අතුරින් ඉහළම ප්‍රතිපළ හිමි කර ගෙන ඇත්තේ සුනිල් S. පැල්ලන්දෙනිය

එමෙන්ම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ඇගයීමද සිදුවිය.

2025 වසරේ හොඳම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට හිමි තුන් වන ස්ථානය හිමිකරගනු ලබන්නේ හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි. 2025 වසරේ හොඳම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට හිමි දෙවන ස්ථානය හිමිකරගනු ලබන්නේ අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වන අතර එහි ප්‍රථම ස්ථානය ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය දිනා ගෙන තිබේ.

මේ අතර කෑගල්ල මධ්‍යස්ථානය විශේෂ ඇගයීමකට ලක්විය.

මෙහිදී තවත් සුවිශේෂී ඇගයීමක් වූයේ වසර විසි පහක් පුරා තම සොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන් අමිතා ප්‍රියන්ති මහත්මිය උපහාර පිදීමය.

මෙම උත්සව සභාවේ විද්වත් මණ්ඩපය ලෙස කටයුතු කළේ පරිසර යුක්ති කේන්ද්‍රයේ සම නිර්මාතෘ සහ සභාපති ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න,MSI හිටපු වැඩසටහන් ප්‍රධානී නීතිඥ ගෞතමන් බාලචන්ද්‍රන්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති උපදේශක නීතිඥ දුලාන් දසනායක යන අයයි.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...