සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW:

කොරියානු රගර් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවට සියළු පහසුකම් සමඟින් කළ ආරාධනයක් සඳහා ශ්‍රී ලංකා රගර් පරිපාලනය පාසල් රගර් සංගමයෙන්ද කළ ඉල්ලීමක් අනුව පසුගිය මාසයේ 14 න් පහළ අවසන් මහා තරඟයට ළඟා වූ පාසල් දෙකේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාවට යැවීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ දායකත්වය ඇතුව තීරණය කර තිබෙනවා.


මෙම වැදගත් අවස්ථාව අපතේ යැවීමට නොදී ප්‍රයෝජනයක් ගැනීමේ අරමුණෙන් තිබුණ සුළු කාලයට අනුව මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකා රගර් වාර්තා කරනවා.මෙම අවස්ථාව අපතේ නොයවා ප්‍රයෝජනයට ගැනීම අගය කළ යුතු වුවත්,ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ අධික්ෂණය ඇතුව මෙවැනි පාසල් මට්ටමේ වයස් කාණ්ඩ තරගද තේරීම් කමිටුවක් මඟින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක්වීම වැදගත් බව මෙම අවස්ථාව පැහැදිළි කරනවා.


අඩුම තරමේ වයස් කාණ්ඩ ජාතික සංචිත නඩත්තු නොකළ ද,පවත්වන තරගාවලියක් අධීක්ෂණය කරමින් තරගවල ජය පරාජය යන ප්‍රතිපලයට අමතරව බලධාරීන් ක්‍රීඩක දක්ෂතා සම්බන්ධ දත්ත ගබඩාවක් පවත්වාගෙන යන්නේනම් සහ ඊට සුදුසු නිලධාරීන් යෝජනා කර සියළුම තරග අධීක්ෂණයට ලක් කරන්නේනම්,මෙම කණ්ඩායම සඳහා පාසල් දෙකකින් යැපීමට සිඳු නොවන බව මෙහිදී පිළිගත යුතු සත්‍යයක් බව කිව යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...