සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය අද කොළඹදී

සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය අද (11) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 01.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී මෙම සම්මේලනය ආරම්භ වීමට නියමිත ය.

“පෙරළියට මග කියන කරළියට ගොඩවෙන්න” මැයෙන් යුතුව මෙම සම්මේලනය පැවැත්වේ.

මේ සඳහා දැවැන්ත සෙනඟක් සහභාගී වනු ඇති බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

RN