මහින්ද සහ නාමල් ඇතුළු පිරිසකට නොතීසි …

Date:

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. එයින් තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි 22 වැනිදා විභාගයට ගැනීමට ද විජිත් කේ. මලල්ගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.

එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා විනිසුරු මඬුල්ලෙන් දැඩිව ඉල්ලා සිටි නමුත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල ඉදිරිපත් වූ කරුණු අනුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කර පෙත්සම් විභාගයට අවසර ලබා දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...