දූවිලි අංශු වැඩිපුර ඇති ප්‍රදේශවල ශ්වසන රෝග සහ ළමා හතිය දරුවන්ට වැළඳීමේ වැඩි ඉඩක්

Date:

දූවිලි අංශු වැඩිපුර ඇති ප්‍රදේශවල ස්වසන රෝග සහ ළමා හතිය දරුවන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මීට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ වැඩිවීමේ අවදානමක් ද ඇතැයි හෙතෙම කීය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, යාපනය යන දිස්ත්‍රික්කවල දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දරුවන් විශේෂයෙන් ආරක්‍ෂාකර ගන්නැයි ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

” පරිසරයේ දූවිලි අංශු වැඩිවීමත් එක්ක දරුවන්ට ස්වසන රෝග වැළඳෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දරුවන්ව නිවෙස් තුළම රඳවා ගන්න. ශීත දේශගුණයකුත් තියෙන්න පුළුවන්. මේ නිසා ජනෙල් දොරවල් වසා තබන්න. දරුවන්ව එළියට රැගෙන යනවා නම් හිසට තොප්පියක් වගේම උණුසුමට ගැළපෙන ඇඳුමක් අන්දවාගෙන රැගෙන යන්න “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...