පාසල් නැවත ඇරඹීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දිනයේ නැවත ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

පැවති ශීත කාලගුණ තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මතය අනුව පසුගිය සිකුරාදා සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

RN