උතුරු,නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයෑම පිළිබඳ විමර්ශන..

උතුරු, නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයෑම ගැන පර්යේෂණයට අදාළ සාම්පල පේරාදෙණිය පශු පර්යේෂණායතනයට භාර දී තිබේ.

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ,පශු විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ ඒ අනුව ලැබුණු සාම්පල මත පදනම්ව සත්වයින් මියගිය හේතුව සොයා පරීක්ෂණ අරඹන බවයි.

පසුගිය 08 සහ 09 යන දෙදින ඇතුළත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ගවයින් 802 ක් මීගවයින් 34 ක් සහ එළුවන් 256 ක් මියගොස් තිබේ.

මේ වන විට ලැබී ඇති සතුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා සහ ලැබී ඇති දත්ත අනුව, එම සතුන් වැඩි වශයෙන් එළිමහනේ රැඳී සිටින බැවින් එකවර ඇතිවූ අධික ශීත කාලගුණික තත්ත්වය මත සත්වයින්ට ඇතිවූ ආතතිය, එම මරණවලට හේතුව බව දැනට පෙනී යන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළාය.

මේ අතර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

සත්ව මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට ද උපදෙස් දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...