ඉල්ලීම්වලට විසඳුම් නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – තැපැල් වෘත්තීය සමිති

Date:

කොළඹ LNW:තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබෙන පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වන විට ක්‍රියාත්මක අතර තැපැල් කාර්යාල වෙතින් සේවා ලබා ගැනීම සඳහා මෙම කාලය තුළ නොපැමිණෙන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කරන්නේ මේ මොහොතේ සිදුකර තිබෙන ඉල්ලීම්වලට රජය සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් කරා යාමට සූදානම් බවයි.

”ආණ්ඩුව අපේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි. එසේ නොවන්න අපේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්න අපි සූදානම්.මේ පාලකයන්ගේ ඉදිරි මැතිවරණවලදී පවා අපිට බලපෑමක් කරන්න පුලුවන්. ඒ නිසා අපි අනතුරුව අගවනවා. ඒ නිසා මේවා විකුණන්න කටයුතු කළොත් ඔය අයගේ දේශපාලනය ප්‍රශ්නයකට මුහුණ දේවි.වහාම විකිණීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. සේවක ප්‍රශ්න විසදිය යුතුයි. මේ වැඩ වර්ජනය හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම්බන්ධයෙන් ද කටයුතු කරනවා.එලැඹෙන 12 දා සිට මේ රටේ කිසිදු තැපැල් කාර්යාලයක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්යයන් අපි කරන්නේ නෑ. ඒවගේම මේ ප්‍රශ්නවලට පිලිතුරු නැත්නම් අපි 12 දායි පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.තැපැල් දෙපාර්තමේන්තුව මේ වර්ජනය නිසා පාඩු ලබනවා. ඒ නිසා පාඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුලු පාර්ලිමේන්තුවේ 225 වගේම පාලනාධිකාරියයි. වැඩ වර්ජනය පටන් ගත්තට පස්සේ මේ දක්වා සාකච්ඡාවකට ආරාධනා කරලා නැහැ.මේ ගැටලු සම්බන්ධයෙන් පාලකයන්ගේ මැදිහත්වීම කෙසේ වේවිද යන්න අද දවසේ අපි බලන් ඉන්නවා. මේවා විකුණන්න මේ අයට ජනතාව ජන්දය ලබා දීලා නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...