අපේ රටේ Haycarb පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

Haycarb PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Haycarb Philippines Corporation විසින් පිලිපීනයේ activated carbon නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා පිලිපීන ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පසුගිය දෙසැම්බර් 09 වන දින හිමි වූ බවයි Haycarb PLC සඳහන් කරන්නේ.

මෙම කර්මාන්තශාලාවේ පළමු අදියර 2026 ජූනි මාසය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

පිලිපීනයේ Cagayan de Oro හි ස්ථාපිත කිරීමට නියමිතව ඇති මෙම කර්මාන්තශාලාව සඳහා සිදු කිරීමට නියමිත ඇස්තමේන්තුගත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 08 කි.

මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5-6 ක කාලය තුළ තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා වැඩිවන ගෝලීය ඉල්ලුම සපුරාලමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශක්තිමත් සැපයුම්කරුවක් ලෙස ස්ථාපිත වීම තම අරමුණ බවයි Haycarb PLC වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Haycarb PLC යනු මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන Hayleys PLC හි අනුබද්ධිත සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...