පළමු දිනයේ ජය යාපනයට සහ ගාල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 10 ,(LNW) කොළඹ :

පන්දු ඕවර් 10 එල්පීඑල් තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගවලදී ජෆ්නා ටයිටන්ස්,ගාල්ල මාවර්ලස් කණ්ඩායම් ජය අත්කර ගන්නට සමත් වූ අතර නුවරඑළිය කින්ග්ස් සහ කළඹ්ඹු ජගුවර්ස් අතර තරගය වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තීරණයකින් තොරව නිමාව දුටුවේය.
ජැෆ්නා කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට කණ්ඩායම පන්දු ඕවර් 10 නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත් විය.හම්බන්තොටට නායකත්වය දුන් දසුන් ශානක විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 17 දී ලකුණු 51 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමඟින්ය.

හම්බන්තොට කණ්ඩායමට දැවන්තම හිසරදය බවට පත් වූ ජැෆ්නා කණ්ඩායමේ 20 හැවිරිදි ට්‍රෙවින් මැතිව්ස් ලකුණු 10 කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූයේ තරගයේ වීරයා වෙමින්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 32 ට දැවී ගියත් තෙවන කඩුල්ල සදහා අඛණ්ඩ ලකුණු 75 ක සබදතාවයක් පවත්වන්නට ටොම් කොලර් කැටමෝර් (නොදැවී 57) සහ ටොම් එබෙල් (33) සමත් වූයේ නවවන පන්දු ඕවරයේ පළමු පන්දුවෙන් ජයග්‍රහණය වාර්තා කරමින්ය.


කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් වූ ගාල්ල මාවර්ලස් කණ්ඩායම අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් අගනා ඉණිමක් දියත් කරමින් පන්දු 25 දී ලකුණු 66 ක් රැස් කිරීම කැපී පෙණින.හතරේ පහර 7 ක් හයේ පහර 5 ක් සමඟ චන්දිමාල් ලකුණු 66 ක් ලැබුවද,කැන්ඩි කණ්ඩායමේ මුළු ලකුණු පූවරුව 100 ක් විය.පන්දු ඕවර් 10 නිමාවේ ඔවුන්ට කඩුලු 5 ක් ද අහිමි විය.පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 ක් දවා ගත් බිනුර ප්‍රනාන්දු ඒ සඳහා පන්දු ඕවර් 2 ට ලබා දුන්නේ ලකුණු 9 ක් පමණි.


පිළිතුරු ඉණිමට පිවිසි ගාල්ල කණ්ඩායම අටවන ඕවරයේ සිව්වන පන්දුවේදී සිය ලකුණු පූවරුව 102 ක් බවට පත් කර ගත්තේ කඩුලු 3 ක් පමණක් අහිමි කර ගනිමින්ය.ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ලට පන්දු ඕවර් 2.3 දී ලකුණු 36 ක ආරම්භක කඩුල්ලේ සබඳතාවයක් පිහිටුවන්නට සඳුන් වීරක්කොඩි (13) සහ ඇලෙක්ස් හෝල් (23) සමත් විය.එම සාර්ථකත්වය පෙරට රැඟෙන ගිය වටිනාම ඉණිම දියත් කළ ඇන්ඩ් ෆ්ලෙචර් තරගය නිමා වන තෙක් කඩුල්ලේ නොදැවි සිටිමින් පන්දු 21 දී ලකුණු 41 රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමඟය.ඔහුට අනගි සහයක් දෙමින් සිව්වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 63 ක සබඳතාවයකට දායක වූ සකීබ් අල් හසන් පන්දු 8 ට මුහුණ දී නොදැවී ලකුණු 20 ක් රැස් කරන්නට සමත් විය.


වර්ෂාව නිසා අතර මැඳ නවතා දැමුණු නුවරඑළිය කින්ග්ස් සහ කොළඹ ජගුවර්ස් අතර තරගයේ දී,පළමුව පන්දුවට පහර දුන් නුවරඑළිය කණ්ඩායම හය වන ඕවර්ය නිමාවන විට ලකුණු 79 ක් ලබා සිටියේ එක් කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින්ය.එය ද ධනුෂ්ක ගුණතිලක නිවැරදිව පන්දුවට වේගයෙන් පහර නොදෙන මොහොතක ඉණිම අත්හිටුවා පිටතට කැදවිමෙන් වූ දැවීමකි.අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18 දී නොදැවී ලකුණු 50 ක් ලබා සිටියේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමඟින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...