කොළඹ LNW:ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ඔන්ලයින් ආරක්ෂණ පනත කඩිනමින් නැවත සමාලෝචනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.
එය මේ මොහොතේ සමාජ ආවශ්‍යතාවක් බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
යුක්තිය සංවිධානය විසින් ඊයේ (11) කොළඹදී සංවිධානය කර තිබුණු සාකච්ජාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සඳහා විසඳුම් ලබාදීම,කම්කරු අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම,ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම යන කරුණු 10ක් පිළිබඳව එම සාකච්ජාවේදී අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, ශානක්‍යන් සමනික්කම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එස්.එම්.සුමන්තිරන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ආශිකා බ්‍රාහ්මණ
