සමෘද්ධි ලාභීන් සහ රජයේ ආධාර ලබන්නන් ගැන සමීක්ෂණයක් – සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

Date:

සමෘද්ධිලාභීන් ඇතුළු රජයේ ආධාර ලබන්නන් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ සමාජ සුබසාධන මණ්ඩලය එක්ව සමීක්ෂණය සිදුකරන බවයි.

අදාළ නාමාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ, ආධාර ලැබිය යුතු පවුල් මගහැරීම සහ සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් අදාළ මූල්‍ය ආධාරය ලබා ගැනීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් ය.

ඊට අදාළ මූලික ලියාපදිංචිය අවසන් කර ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව යාවත්කාලීන කරන ලද නව ලේඛනය යටතේ ලියාපදිංචි ඇති පවුල් සංඛ්‍යාව තිස් පන් ලක්ෂයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...