*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තැපෑලේ වැඩ වැරුම – පඩිත් කපාගෙන ගෙදර යන්න වෙයිද? (VIDEO)

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලීකරණය කිරීම,තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය සම්බන්ධ කරගැනීම,සේවක අයිතිවාසිකම් කප්පාදුව සදහා සැලසුම් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ත තැපැල් සේවකයන් සංකේත වැඩවර්ජනයකට යොමු වී සිටින අතර ගැටළු සඳහා විසඳුම් නොදෙන්නේ නම් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියාමර්ග ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

අද දින වෘත්තීය සමිති ක්‍රියාමර්ග වෙත සහය දී සිටින තැපැල් සේවකයන්ගේ වැටුප් රහිත නිවාඩු දිනයක් ලෙස සලකන ලෙස තැපැල්පතිවරයා ප්‍රාදේශීය තැපැල් බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත් මෙලෙස සේවකයන් මර්දනය කිරීම සඳහා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තැපැල් වෘත්තීය සමිති ක්‍රියා කරන බවයි බණ්ඩාර මහතා කියාසිටින්නේ.

පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති සහ තැපැල්පති ඇතුළු බලධාරීන් සමඟ සාකච්ජා කළද ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස සංකේත වැඩවර්ජනයකට යාමට සිදුවුණ බව ඔහු සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan