*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා එන්නත්!

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජර්මානු රජයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) යටතේ වන  GIZ Sri Lanka වැඩසටහනේ අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ (Nicolas Lamade)  මහතා විසින් නිල වශයෙන් භාර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

වත්මන් තත්ත්වය යටතේ ඇතැම් ඖෂධයන් හිඟව පවතින බවත් මේ වන විට එය බොහෝ දුරට විසඳෙමින් පවතින බවත් පැවසීය. මේ සඳහා  මිතුරු රටවල් , ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන සංවිධාන වලින් ලැබුණු ආධාර මෙන්ම විදේශ ණය සහනාධාර වැඩසටහන් මහත් සේ උපකාර වූයේ යැයිද මේ වන විට ජීවිතාරක්ෂක  ඖෂධ සියල්ල මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව පවතින්නේයැයිද අමාත්‍යවරයා කීය.

ජර්මනියේ සෞඛ්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්  නව තාක්ෂණය සහ දැනුම අතින් එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිපූර්ණ වී ඇතැයිද ජනතාවගේ සහ  එරට රජයේ පරිත්‍යාගශීලී දායකත්වයට මෙරට පුරවැසියන් වෙනුවෙන් ස්තූතිවන්ත වන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා GIZ Sri Lanka වැඩසටහනේ උපදේශක අෂ්රෆ්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සහ ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද සහභාගි විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan