ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට සහාය දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීම සහ මානුෂීය සහනාධාර සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය වුණා.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 24කට ආසන්න පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය නමුත් මේ වසරේ මානුෂීය සහානාධාර අරමුදල්වලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පැවසුවා. ඇෆ්ගන් ජනතාවට අයත් විදේශීය වත්කම් කොන්දේසි විරහිතව අත්හිටුවා සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙන ලෙස චීනය විශේෂයෙන් ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. අදාළ රටවල් කොන්දේසි විරහිතව නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කර ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමට සහාය විය යුතු බව ද Fu Cong මහතා පවසා තීබුණා.

ත්‍රස්තවාදයේ මර්මස්ථාන මුලිනුපුටා දැමීමට සහ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදී සංවිධාන එක්රැස්වන ස්ථානයක් බවට යළි පත්වීම වැළැක්වීමට ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින බව ද Fu Cong මහතා අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...